කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 599 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
තවත් ආසාධිතයන් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 596 ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අද (28) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 8 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ මහතා කීය.
මෙම රෝගීන්ගෙන් 5 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් වන අතර 3 දෙනෙක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 455 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 592 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය කියයි.
අද (28) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය සඳහන් කළේය.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 451 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තත්වය දරුනු වෙනවා වගෙයි. පක්ෂ, පාට, වාද භේද අතහැර කොරෝනා මාරයා පරාජය කරමු. එකාමෙන් කටයුතු කොට ජයගමු. විරසකව සිට මියයමුද? සමගියෙන් කටයුතු කොට දිවි රැක ගනිමුද?
සාර්ක් රටවල කොවිඩ්-19 පාලනය කිරීම සඳහා වන අරමුදලට ජන අනුපාතිකව වැඩිම එක පුද්ගල මුදල් ප්‍රධානයක් කලේ ලංකාවයි. ලෝක ආර්ථිකයේ පස්වන බලවතා වන ඉන්දියාවද අපිට වඩා ගොඩක් අඩු මුදලක් දුන්නේ. එක දුන්නෙත් ඊයේ පෙරේදා චීනෙන් ණයට ගත්ත මුදල් වලිනුයි. ඇයි මේ වගේ රටට නොගැලපෙන දේවල් කරන්නේ? කවුද මේවාට අනුබල දුන්නේ? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...
නවසීලන්තය මිලියන 4ක ජනගහනය ඉන්න රටක්.... ආසාදිතයන් 1400. මියගිය ගණන 14 මාසයක් ඇදිරි නිතිය එක දිගට දාල කොහොම හරි නවත්ත ගත්ත. අපේ රට තාම හොදයි මිලියන 20ක ජනතාව ඉදලත් 585 ආසාදිතයන් මියගිය 7 දෙනයි. රජය දෙන අවවාද හරියට පිලිපැදීම අනුව වසංගතයෙන් ඉක්මනට ගොඩයන්න පුළුවන්. මෝඩයෝ වගේ එලියට බැස්සොත් ඇමරිකාව පරද්දන්නත් පුළුවන්...
වෛද්‍යවරුත් දැඩි අවධානමකින් සිටින මේ අවස්ථාවේ දේශපාලකයන්ගේ බලතන්හාව හෙලාදකිමු. සතොසෙ සැමන් මිල ගිහිපු නිසාත් පරිප්පු ගන්න තව 500/= බඩුගන්නත් ඕනලු.. මේ නිසා එහි පෝලිම නම් අඩුයි..