(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එම රෝහලේම කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව අද දියත් කළ විරෝධතාවය පස්වරුවේදී විසඳුමකින් තොරව අවසන් විය.
වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට කාර්යාලයීය රාජකාරි සිදු කිරීම වළක්වාලමින් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධතාව ක්‍රියාත්මක කළහ .
අද පෙරවරු 9.00 ට ආරම්භ කරන ලද විරෝධතාව පස්වරු 3.30 ට අවසන් වූයේ එතෙක් තම කාර්යාලයට යාමට නොහැකිව සිටි රෝහල් අධ්‍යක්ෂවරයා රෝහල් භූමියෙන් පිටව යාමෙන් පසුවය
වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා රෝහල් භූමියෙන් පිටව යාමෙන් පසුව ඔහුට එරෙහිව විරෝධතාවයේ යෙදුනු කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින්ද විරෝධය අවසන් කර එම ස්ථානයෙන් පිටව ගියහ .
මෙහිදී අදහස් දැක්වූ කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වෛද්‍ය ඉන්දික රත්නායක මහතා කියා සිටියේ අවස්ථා දෙකකදීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ස්ථාන මාරු නියෝග ලබා සිටින වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට තව දුරටත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බවය .
ඔහු එම ස්ථාන මාරුව පිළි නොගෙන නැවත අද දිනයේ මෙන් හෙට දිනයේත් රෝහලට පැමිණියහොත් හෙටද මේ ආකාරයටම විරෝධතාවයක් දියත් කරන බවද ඒ මහතා පැවසීය .
වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට රෝහල් අධ්‍යක්ෂ ධුරයේ රාජකාරි කටයුතු කළ නොහැකි ආකාරයට අධ්‍යක්ෂවරයාට අයත් නිල කාමරය රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් විසින් ඉබි යතුරුලා අගුළු දමා තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි කියන්නේ වපුරපුවා තමයි නෙළාගන්න වෙන්නේ.
මේ මොකද වෙන්නෙ, ජාතියෙ මවුන් වඳ කරනවට විරුද්ධව කතා කරපු දේශප්‍රේමීයා, ව්‍යාජ දේශප්‍රේමී සළු ඉක්මනින් ගැලවෙන බවට හොඳ උදාහරණයක් , මෙයා බේරගන්න කවුරු ඉඳීවිද?
මහා බොරු ගොඩක් වපුරපු කෙනෙක්.
කවදා අහපු දේවල්ද? වෛද්‍යවරු, හෙදියන් ඔවුන්ගේ අභිමතාර්ථය ඉටුකරන්නේ අහිංසක රැකියාව ඇපයට තියලා...
මෙයා නේද අර "වඳ සැත්කම්" දොස්තරව මාට්ටු කළේ.