IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කියුබාව රහසක් හෙළි කරයි

කියුබාවේ   කොවිඩ් මරණ අවම වීමේ රහස වනුයේ කොවිඩ් - 19 ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සමනය කළ හැකි ඖෂධ දෙකක් නිපදවීම යැයි කියුබා රජය කියා සිටී.
 
එම ඖෂධ නිපදවීමට සිය ජෛව තාක්ෂණ කර්මාන්තය සමත් වී ඇති බව කියුබාව පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් රට තුළ  කොවිඩ් මරණ අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි වී ඇති බවයි.මේවන විට කියුබාවෙන් කොවිඩ් මරණ 81 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව  2000කට ආසන්න වේ.ඒ අතරින් 1600 කට අධික සංඛ්‍යාවක් සුවය ලබා තිබීම විශේෂත්වයකි.
 
කොවිඩ්-19 වසංගතයට ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමෙන් රට තුළ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට කියුබාව සමත්  විය.මාර්තු මාසයේ සිට එරට දේශසීමා , පාසල් සියල්ල වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ.
 
එමෙන්ම ජනතාවට නිවෙස් තුළටම වී සිටින ලෙසට රජය විසින්  උපදෙස් දෙනු ලැබුණි.
 
කියුබාව අද එම වැඩපිළිවෙලේ සාර්ථකත්වය භුක්ති විඳිමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
 
(ගාඩියන් ඇසුරෙනි )
 
 ( 125 ) 



අදහස් (14)

කියුබාව රහසක් හෙළි කරයි

thilina Monday, 25 May 2020 03:24 AM

ඉතින් යකෝ මෙහෙ මරණ 9යි නේ. ඒ අයට වඩා අපි සුපිරියිනේ...

:       28       708

samanthi Monday, 25 May 2020 04:00 AM

කියුබාවේ විප්ලවය 2.0?

:       1       23

kamal Monday, 25 May 2020 05:56 AM

ඒ අය නොම්මර කියනවා. අපි ඒවා අදහනවා.

:       95       40

chana Monday, 25 May 2020 06:21 AM

කියුබානු ජනගහනය මිලි. 11 - ආසාදිතයන් 2000, මරණ 81, ශ්‍රී ලංකාවේ ජනගහනය මිලි. 21 - ආසාදිතයන් 1184, මරණ 9

:       34       334

තිව් Monday, 25 May 2020 06:25 AM

ලංකාව ඔය කියුබාවට වඩා 10 ගුණයක් හොඳයි, හැබැයි මෙහෙම ලිපියක් ලංකාවේ නම දාලා ලියයිද?

:       2       245

ranaMonday, 25 May 2020 07:43 AM

ලංකාවට ලෝකය තුළ පවතින මාපකය එය බැවින් පේනවා නේද?

:       83       9

samanthiMonday, 25 May 2020 10:28 AM

තමන්ගේ රට පල්ලෙහාට දාලා කියලා සතුටු වෙන්න එපා. ඒ ටික අපිට කරේ කොටින් සහ ඔවුන්ට කඩේ ගිය සිංහල කොටින්. ඒ අතරේ දේශපාලුවෙක් දෙන්නෙකුත් ඉන්නවා...

:       2       179

jayath Monday, 25 May 2020 07:35 AM

මේකනේ... මෙහෙ ප්‍රශ්නේ ඔය මෙහෙ ලෙඩ්ඩු අඩු වුණු එක ගැන අඩු මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන එක ගැන දුක්වෙන කට්ටියකුත් ඉන්නවා. ඒ හාදයෝ කැමති මෙහෙත් හෝල් සේල් මළා නම් තමයි පව්...!

:       22       254

sarath perth Monday, 25 May 2020 08:04 AM

එතකොට ලංකාවේ රහස ලෝකෙට හෙළිකරන්නේ නැතෙයි ?

:       0       1

Aris Monday, 25 May 2020 09:06 AM

ලංකාවේ කොරෝනා රෝගීන්ට දෙන බෙහෙත් මොනවද කියලා කවුරුවත් දන්නවද?

:       1       10

අනුරMonday, 25 May 2020 12:31 PM

කොරෝනා රෝගයට බෙහෙත් නෑ. වෙන වෙන රෝගවලින් බේරා ගන්නයි බෙහෙත් දෙන්නේ....

:       1       30

ArisMonday, 25 May 2020 02:00 PM

අන්න ඒ දෙන ඒවා මොනවද කියලයි මම අහන්නේ?

:       0       0

Ruwan Monday, 25 May 2020 09:37 AM

එතකොට කියුබාව තමයි එක..

:       15       55

lalithm Monday, 25 May 2020 07:33 PM

කොරෝනා සටනට අපේ සුව සේවකයෝ, හමුදාව,පොලිසිය සහ අනිකුත් දායකත්වය දුන්නු අය කළ සේවාවේ තරම මේ බයියන්ගේ කයියෙන් තේරෙනවා නේද? අපි ගැන අපිවත් ලියාගෙන සතුටුවෙමු. කව්රුත් ඕනේ නැහැ.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 594 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site