ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට බටහිර දෙසට වන්නට පිහිටි ‘‘දේශසීමා විරහිත වෛද්‍යවරුන්ගේ’’ වෛද්‍ය සායනයකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද (12) පැවැසීය.
‘‘දේශසීමා විරහිත වෛද්‍යවරුන්ට අයත් රෝහලකට ප්‍රහාරයක් එල්ල වෙලා’’ එම ප්‍රකාශකයා කීය.
ආරක්ෂක අංශ තුවක්කුකරුවන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් බවත් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඇෆ්ගනිස්තානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා එම රෝහලේ සංචාරයක යෙදෙමින් සිටින බවත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා කීය.
ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද ප්‍රහාරයෙන් කිසිවකුට හෝ තුවාල වී ඇත්ද යන්න මෙතෙක් වාර්තා වී නැත.
මේ සම්බන්ධයෙන් විමසීමක් කළද ‘‘දේශසීමා විරහිත වෛද්‍යවරුන්ගේ’’ සංවිධානයේ කිසිවකුත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූයේ නැත.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුන් වගේ වෙස්වලාගෙන.. ඉන්න විදේශික-හමුදා ඔත්තුකාරයින් අහුවුණාම.. අපිටත් ඔය ටිකමයි කරන්න සිද්ද වෙන්නේ..