(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීම පැය දෙකකට අධික කාලයක් පැවැති අතර, එම කාලය තුළ සාකච්ඡාවට ලක්වූයේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය ගැන පමණක් බව වාර්තා වෙයි.
වෙනදා කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකා 50ක් 60ක් පමණ ඉදිරිපත් වන නමුත් අද (25) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් වූයේ පත්‍රිකා තුනක් පමණක් බවද ඒවාද කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට අදාළ පත්‍රිකා බවද වාර්තා වේ.
කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා කොරෝනා වයිරසයෙන් රට මුදා ගැනීම සදහා තමාට දැඩි තීන්දු ගැනීමට සිදුව තිබෙන බව පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද සර්ප මස් ආහාරයට නොගන්නා ලෙස... කොරෝනා රෝගයත් ආරම්භ වුනේ එහෙම නේද? මේ හැමදේකින්ම යලි යලිත් ඔප්පු වන්නේ බුදුදහම ඉතා විද්‍යාත්මක බවත් නවීන විද්‍යාවටත් වඩා ඉතා ඉදිරියෙන් සිටිනා බවම නේද?
ඇත්තම කතාව ඇඳිරි නීතියේ අනික් පැත්ත. share market එක මේ නිසා වැහුවේ නැත්නම්, අද වෙනකොට ලංකාවට එහෙම එකක් නෑ. මහා බැංකුව තොත්ත බබා වෙන්න හදනවා, rates නොදී. මුල ඉඳන්ම කෑව වුණත්, ආර්ථිකයට කොරෝනා හැදුනේ 2010 ඉඳන්. හත්මුතු පරම්පරාවටම ඇතිවෙන්න හැම එකාම කෑවා. මුදල් අමාත්‍යාංශයේ කලින් හිටපු ලොක්ක-තොත්ත බබා ආයිම දැන් වැඩ. මේ රටට ත්‍රීවීල් / ඩිමෝ බට්ට ආර්ථිකයක් හැදුවේ මේ අඩි 6ක් ආර්ථික දුර නොපෙනෙන මේ මනුස්සයා. කාර් පර්මිට් ටිකෙන් ආර්ථිකේ දුව වන්න හැදුව එක පාරක්. ජපානේ කාර් මාෆියාව අපිට හෙනයක්. අපේ අහේතුවට ජපන්නු අපි කාර් එලවන්නේ එකම පැත්තෙන්. ඉතින් ඔවුන්ගේ used car market share එක අපි තමයි run කරන්නේ. සෙල්ලන්ද කොල්ලෝ.? ජපන් කාර් අපිත් මරාගෙන ආර්තිකෙත් මරාගෙන යනවා. කොරෝනා නිසා බය බිරාන්ත වෙලා ඉන්නේ, දේශපාලන වැල කෑ පබිලලා ටික. උන් දන්නවා සෙල්ලම් ඉවරයි කියල. මේ කොරෝනා අවස්තාව. දේශපාලුවෝ ඔක්කොම එක රොත්තට එක මුල්ලකට තල්ලු වෙනවා.
මේ වෙලාවේ නොදන්නා පණ්ඩිතකම්, හිතළු හා ඊනියා මතවාද මුදා නොහැර බලධාරීන්ගේ අණසකට යටත්ව සාමකාමී වෙමු.
ඔය මණ්ඩලය නැතිවට දැනටමත් සාර්ථක ලෙස නිරෝධායනය ඇතුළු අනිකුත් සියලු කටයුතු කෙරෙනවා නේද? තව විදියකින් කිවොත් දක්ෂ උගතුන් පිරිසකගෙන් සමන්විත මේ රටට හා ජනතාවට හිතැති පිරිසක් කිසිම දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව දැනට වයිරසය පාලනයට නතු කරගෙන තිබෙනවා නේද? ඉතින් ඇයි මේ තව තව ගොඩේ වෙද්දු. අපි නම් අහලා තියනවා සුපවෙදියෝ වැඩි වුනහම හොද්දේ ලුණු වැඩි වෙනවා, කන්න බැරි වෙනවා කියලා.