එම්. කේ .නන්දසේන
සෙල්ලකතරගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නිරෝධායනය කරමින් සිටි පුද්ගලයෙකු අද (16දා) ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග එම ස්ථානයෙන් පැන කොළඹ ප්‍රදේශයට යාම සඳහා කතරගම බස්නැවතුම්පොල සීමාවට පැමිණ සිටියදී කතරගම පොලිසියත් මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව අල්ලා නැවත නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලැබිණ.
මෙම පුද්ගලයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි කරැවෙකු බවත් පසුගියදා සෙල්ලකතරගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට පැමිණ සිටින බවට ලද තොරතුරක් මත එම පුද්ගලයා එම ස්ථානයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටියදී නියමිත කාලය ගත නොකර එම ස්ථානයෙන් පැනවිත් සිටියදී මෙසේ අල්ලා තරයේ අවවාද කර එම ස්ථානය වෙත නැවත ඇතුලත් කල බවත් කතරගම පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.
COMMENTS
මහා අමනුස්සයෝ වගේනේ .
කකුල් 2 ට දිග දම්වැලක් දමා ඉබ්බෙක් දමන්න.
අල්ලන්න එපා... තියන්න.
නිරෝධායනය දන්නැති අනුන්ට ලෙඩ බෝකරන ආත්මාර්ථකාමී මිනිහෙක්...
බල්ලන් එලියට ගන්න...