චන්ද්‍රසේන ගමගේ
ලබන 30 දින පෙරවරු 06 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා බලපැවැත්වෙන ඇඳිරි නීතියද නොසලකා කුඩාවැල්ල ධීවර වරායට අද (28) දහවල් දක්වා ධීවරයෝ ද මත්ස්‍ය අළෙවිකරුවෝද ඒකවී සිටියහ.
කිසිදු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් කුඩාවැල්ල ධීවර වරාය තුළ ධීවරයෝ හැසිරෙන්නට වූහ.
අද අලුයම 05 සිට වැල නොකැඩී ධීවරයින් කුඩාවැල්ල ධීවර වරායට පැමිණි බවත් වසා තිබූ ප්‍රවේශ දොරටුව බලෙන් විවෘත කර ධීවරයෝ ධීවර වරාය පරිශ්‍රය තුලට කඩා පැන්න බවත් කුඩාවැල්ල ධීවර වරායේ ආරක්ෂක නිලධාරීහු පවසති.
තංගල්ල මූලස්ථාන පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් ධීවර වරාය පරිශ්‍රය තුළත් ඉන් පිටතත් සේවයේ යොදවා තිබුණද ඔවුන්ට සිය රාජකාරි කරගන යා නොහැකි වන සේ ධීවරයෝ ක්‍රියා කළහ.
තංගල්ල මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කුඩාවැල්ල ධීවර වරායට පැමිණ ඇති වී තිබෙන තත්වය පාලනය කිරීම සදහා උත්සාහ ගනු ලැබීය.
ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම අත් හිටුවීමෙන් පමණක් ධීවරයින් පාලනය කිරීමට හැකිවෙනු ඇති බව ප්‍රශ්නයේ බරපතලකම අවබෝධ කර ගත් අය පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ අයගේ හැටියට පොඩි අය....
රටේ ලෝකේ පැතිරෙන වසංගතය නිසා දාස් ගණන් මැරිලා ඒත් මේ අය මල්ල තර කරගන්න තමයි එතනත් පොරකන්නේ.
මුදු යන්න කියල පොඩි චාන්ස් එකක් දුන්නහම මොකක්ද මේ කරන පිස්සු විකාර වැඩ ?
කාලකන්නි. මෙ අයට ටික දවසක් ඉවසල ඉන්න බැහැනෙ. යකෝ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා. නූගත් හැත්ත යකෝ මෙ අයව කණට ගහලා ඇතුළට දාන්න ඔනේ. තේරුමක් නැහැ මේකේ භයානකකම...
එළවළු වගේ මාලුත් විකුනන්න පුළුවන්නේ ඇදිරිනීතිය වුනත් ? මොකක්ද මේකේ තියෙන ගැටලුව ?