බිමල් ෂ්‍යාමන් ජයසිංහ
පෑලියගොඩදී රුපියල් කෝටි 2 ක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි .
මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 520 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 340 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් අනූ දහසක මුදලක් පොලිස් බාරයට ගෙන ඇත .
පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජන දිසානායක මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර අත්අඩංගුවට ගෙන ඇත.
පරවි සුදා සහ ලයියා නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිසියට බාර දී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයිතරම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තත් හැමදාමත් ඒවා ළඟ තබාගෙන සිටි අය අසුවුවා හැරෙන්නට ඒවා මෙරටට ගෙන්වුවෙකු අසු නොවීම අරුමයක් නොවේද..? ඒ ඔවුන්ගෙන් බොහොමයක් පාර්ලිමේන්තුවේ සිටින නිසා සහ ඉතිරි අය දේශපාලන සුරතලුන් නිසාද..?
කොරෝනා හැදුනු අයගේ අලගිය මුලගිය තැන් හොයනවා වගේ ඔය කුඩුවලත් මුල හොයන්න බැරි ඇයි ?
කොයිතරම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තත්, ඒවා මෙරටට ගෙන්වුවෙකු අසු නොවීම....