IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඕස්ට්‍රේලියාව සියලු අත්‍යවශ්‍ය නොවන සේවා අත්හිටුවයි

කොරෝනා වෛරසයේ පැතිරීම වර්ධනය වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සියලු අත්‍යවශ්‍ය නොවන සේවා මේ වන විට අත්හිටුවා තිබේ. 

එරට සියලු අවන්හල් හා ආගමික ස්ථාන ද වසා දමා ඇත.පනවන සීමා කිරීම් පිළිබඳ කැබිනට් රැස්වීමෙන් අනතුරුව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා නිවේදනය කළේය.

ඒ අනුව බොහෝ ව්‍යාපාර තාවකාලිකව වසා දැමෙන නමුත් සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන අලෙවිසැල්, ඖෂධ අලෙවි සැල් හා නිවෙස්වලට භාණ්ඩ බෙදාහරින සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.  

පාසල් විවෘතව තැබීම තම අවශ්‍යතාව බව අග්‍රාමාත්‍යවරයා පැවසූ නමුත් නිවෙස්වල දරුවන් තබා ගැනීමට දෙමව්පියන් අපේක්ෂා කරන්නේ නම් ඊට අවස්ථාව ඇතැයි ඔහු සඳහන් කළේය.

වික්ටොරියා ඇතුළු ප්‍රාන්ත කිහිපයක් පාසල් වසා දැමීමට අවශ්‍ය බව පෙන්වා දී ඇත.

කොරෝනා වෛරසය ආසාදනයෙන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ මරණ 7 ක් සිදුවී තිබේ.

මේ වන විට වෛරසය ආසාදනය වී සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 1315 කි.

වෛරසය හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වන අතර ඉන් රෝගීන් 533 දෙනෙකු වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්  සංඛ්‍යාව 296 කි.

ඊට අමතරව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් රෝගීන් 259 දෙනෙකු වාර්තා වී තිබේ. 
 
-226-

(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

ඕස්ට්‍රේලියාව සියලු අත්‍යවශ්‍ය නොවන සේවා අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site