සිතුම් චතුරංග
උතුරු පළාතේ ජනතාවට තම පදිංචි දිස්ත්‍රික්ක වලින් පිටතට නොයන ලෙස තහනම් කිරීමත් සමඟ ඊයේ (22) සිට උතුරු පළාතට ඇතුළුවන යාපනය නුවර ඒ නවය මාර්ගය ඊරට්ටපෙරියකුලම පොලිස් ස්ථානය අසලින් වසාදැමීමට කටයුතු කළ බව පොලිසිය පැවසීය.
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් මෙම මුරකපොල්ල ඔස්සේ වවුනියාව ඇතුළු සෙසු දිස්ත්‍රික්කවලට ගමන්කිරීමට හැකි අතර සාමාන්‍ය ජනතාවට මෙම මුරකපොල්ල ඔස්සේ පිටවීම තහනම් කර තිබිණි.
යුද හමුදාව හා පොලිසිය එක්ව මෙම මුරකපොල්ල ඔස්සේ අත්‍යවශ්‍ය කාරණා සඳහා පැමිණෙන හා පිටවෙන පුද්ගලයින්ද විශේෂ පරීක්ෂාවට ලක්කෙරිණ.
මීට අමතරව මැදවච්චිය , මන්නාරම් මාර්ගය හා වවුනියාව , ත්‍රිකුණාමලය මාර්ගයද වසාදමා තිබේ.
කොරෝනා වෛරසය ආසාදිත දේවගැතිවරයෙක් විසින් බැතිමතුන් 150 අධික පිරිසකට පැවැත් වූ දේවමෙහෙයක් හේතුවෙන් රජය විසින් උතුරු පළාතට මෙම තහනම ක්‍රියාත්මක කර තිබිණ.


2025 දෙසැම්බර් මස 16
87
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
885
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඒ 9 මාර්ගය ඊරට්ටපෙරියකුලමෙන් වහයි