ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන ‘එයාර් ඉන්දියා’ සමාගමේ ගුවන් නියමුවන් පස්දෙනකුට, ඉංජිනේරුවකුට සහ තාක්ෂණික නිලධාරියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි යන්න දැනගනීම සඳහා ගුවන් නියමුවන් 77 දෙනකු ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කිරීමට ඉන්දීය බලධාරීහු පියවර ගෙන තිබිණි. ගුවන් නියමුවන්ට පස්දෙනාට සහ අනෙක් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ එහිදිය.
ඔවුන් කිසිවකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කර නැති අතර ඔවුන්ට නිවෙස්වලට වී ස්වයං-නිරෝධායනයට යොමු වන්නැයි සෞඛ්‍ය බලධාරීහු උපදෙස් දී ඇත.
ඔවුන් සියලු දෙනාම මුම්බායි නුවර වෙසෙන ගුවන් නියමුවන් යැයි ද වාර්තා විය.
වයිරසය ආසාදනය වී ඇති ගුවන් නියමුවන් සියලු දෙනාම ‘බෝයිං 787 ඩ්‍රීම්ලයිනර්ස්’ යානා පියාසර කරන ගුවන් නියමුවන් වන අතර ඔවුන් අවසන් ගුවන් යානයක් පියාසර කර ඇත්තේ අප්‍රේල් 20 වැනිදාය.
ලොක්ඩවුන් සීමා පනවා තිබූ සමයේදී ද ‘එයාර් ඉන්දියා’ ගුවන් යානා පියාසර කළේය. ඉන් වැඩි හරියක් ගුවන් යානා පියාසර කරන ලද්දේ විදේශවල සිටින ඉන්දීය ජාතිකයන් මුදා ගැනීම සඳහාය. එම ගුවන් යානා ඉතාලියට සහ ඉරානයට ද ගමන් කළේය.
විදෙස් ගතව සිටින ඉන්දීය ජාතිකයන් මුදාගැනීම මෙහෙයුම්වල පළමු අදියර මැයි 7 වැනිදා ආරම්භ විය. ගුවන් යානා 64ක් ඒ සඳහා යොදවා ඇති අතර පළමු සතියේදී ඉන්දීය ජාතිකයන් 15,000ක් ඉන්දියාවට රැගෙන ඒමට ගුවන් සේවය කටයුතු කර තිබිණි. තවත් 1,91,000ක් ඉන්දියාවට නැවත පැමිණීමට සූදානමින් සිටිති.
ඉන්දියාවෙන් අද (10) පස්වරු 4 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 62,939ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 2,109ක් ලෙස දැක්විණි.
එන්.ඩී.ටීවී.
055
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘එයාර් ඉන්දියා’ සමාගමේ ගුවන් නියමුවන් 5 කට කොරෝනා