කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන වෙනිසියුලාවට ටොන් 90ක වෛද්‍ය සැපයුම් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පියවර ගත්තේය.
ඒ අනුව ටොන් 90ක වෛද්‍ය සැපයුම්, පානීය ජලය, සනීපාරක්ෂක ද්‍රව්‍ය රැගත් ගුවන් යානයක් අද (9) වෙනිසියුලාවට ළඟාවිය. දේශපාලන අර්බුද සහ ආර්ථික අර්බුද රැසකට මුහුණ පා සිටි වෙනිසියුලාවට කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබේ. වෙනිසියුලාවට එවන ලද වෛද්‍ය සැපයුම් තොගයට සෞඛ්‍ය සේවකයන් සඳහා අවශ්‍ය කරන පෞද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල 28,000ක්, ඔක්සිජන් ටැංකි, ළදරු ඇඳන්, සනීපාරක්ෂක කට්ටල යනාදී වෛද්‍ය ඇතුළත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.
‘‘කොරෝනා වයිරසයෙන් බලපෑමට ලක්ව තිබෙන වෙනිසියුලාවට එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර තොගයක් යැවූ පළමු අවස්ථාව මෙය’’ යැයි වෙනිසියුලාව සඳහා එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකාරක පීටර ග්‍රොහ්මන් පැවැසීය.
දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින වෙනිසියුලාවේ මිලියන ගණනක මූලික ආහාරපාන සහ ඖෂධවල දැඩි හිඟයක් මතුව තිබේ. මිලියන පහකට වැඩි පිරිසක් රට අත්හැර ගොස් ඇත. මේ වනවිට වෙනිසියුලාවෙන් කොරෝනා ආසාදිතයන් 167 දෙනකු වාර්තා වී ඇති අතර මරණ නවයක් වාර්තා වී ඇත.
අල්ජසීරා
055
2025 නොවැම්බර් මස 04
48
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1558
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වෙනිසියුලාවට ආධාර තොගයක්