IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උපදෙස් නොතකන්නන් නිසා පැරිසියේ දොරටු වහන්න යයි

පැරිස් නුවරට පිවිසෙන සහ පිටවයන සියලු දොරටු වසාදමා පැරීසිය හුදකලා නගරයක් බවට පත්කිරීමට ප්‍රංශ රජය  සිතමින් පසුවෙයි. ප්‍රංශ ජනතාව  සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නොපිළිපැදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,437 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද, එම අගය  වර්ධනය වුවහොත් තෝරාගත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම දක්වා වූ තත්වයකට යාමට සිදුවන බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජෙරෝම් සලමන් මහතා පවසයි.

‘පවතින තත්වය ඉතාම කනගාටුදායකයි. එය ඉක්මණින් නරක අතට හැරෙමිනුයි තිබෙන්නේ. ඊයේත් පැරිසියේ උද්‍යාන සහ අවට සංචාරය කරන්න දහස් ගණනින් ජනතාව ඇවිත් හිටියා. මිනිස්සු සෞඛ්‍ය උපදෙස් පිළිපදින එක මේ විදියට නොසැලකුවොත් මාර්තු අවසානය වෙද්දිවත් මේ තත්වය පාලනය කරගන්න අපිට බැරිවේවි’ යැයිද ඔහු කීවේය.

මේ වනවිට ප්‍රංශයේ ආසාදිතයෝ 400 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති. පැය 24ක කාලයක් තුළදී වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 91 සිට 127 දක්වා ඉහළ ගොසිනි. ඒ අනුව දිනයක් තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 36 කි.

අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් වසා දමා, 100 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් රැස්වීම තහනම් කිරීමට රජය කටයුතු කළද, ප්‍රංශයේ මහජනතාව උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වමින් සිටිති.

එබැවින් සෞඛ්‍ය නීති අනුගමනය කරන්නැයි සෞඛ්‍ය බලධාරීහු ජනයාගෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

උපදෙස් නොතකන්නන් නිසා පැරිසියේ දොරටු වහන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site