මාස දෙකකට පසු පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට ඊශායල බලධාරීහු අද (3) පියවර ගත්හ.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මීට දෙන 50කට පෙර පාසල් වසා දැමීමට ඊශ්‍රායල බලධාරීහු පියවර ගත්හ.
නව කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය ඉකුත් මාර්තු මාසයේදී දැඩි සීමා පැනවූ අතර දැන් දැන් එම සීමා ලිහිල් කරමින් සිටී.
ඒ අනුව එක, දෙක සහ තුන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා මෙන්ම උසස් පාසල්වල අවසාන ශ්‍රේණි 2 සිටින සිසුන් සඳහා පාසල් විවෘත කරන බව ඊශ්‍රායල ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. විභාගවලට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදීමේ අරමුණින් අවසාන ශ්‍රේණි දෙකේ සිටින සිසුන්ට ද පාසල් විවෘත කරන බව ආණ්ඩුව නිවේදනය කළේය.
අද පස්වරු වනවිට ඊශ්‍රායලයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙන් සමස්ත ගණන 16,194ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 230ක් විය.
අල්ජසීරා
055
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායලය ශ්‍රේණි කිහිපයකට පාසල් විවෘත කරයි
ඵලදායක නායකත්වයක් Monday, 04 May 2020 01:55 AM
ඵලදායක නායකත්වයක් තුළ කැපී පෙනෙන වෙනත් මූලික කාරණයන් අතර, විද්‍යාත්මක ඥානය කෙරෙහි දක්වන ගෞරවාන්විත භාවය, තොරතුරු ලබා දීමෙහි පවත්නා විවෘත භාවය, නිරතුරු ව තොරතුරු යාවත්කාලීන කිරීම සහ මූල්‍යාධාර සැපයීමෙහි දී කඩිනම් වීම සටහන් කළ හැකි ය.