
‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග නිසා ඇති වී තිබෙන දැවැන්ත අර්බුදය හේතුවෙන් සමාව දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී එරට දුප්පත් ජනතාවගෙන් අද (29) ඉල්ලීමක් කළේය.
දින 21 එනම් සති තුනක කාලයක් සඳහා ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉකුත් දා ප්‍රකාශ කළේය.
මේ තත්ත්වය හේතුවෙන් රටතුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබෙන අතර එම තීරණය ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නැතැයි චෝදනා එල්ල වී ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගත් ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග හේතුවෙන් ඉන්දියාවේ මිලියන ගණනක් දුප්පත් ජනතාව පීඩාවට පත්ව සිටිති. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුහු කුසගින්නේ පසුවන අතර බොහෝ සංක්‍රමණික සේවකයන්ට ඔවුන්ගේ රැකියා අත්හැර දැමීමට සිදුව ඇත. රැකියා අහිමි වුණු ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් නගර අත්හැර තමන්ගේ උපන් ගම්බිම් දක්වා කිලෝමීටර ගණනක් ඇවිදයන අයුරු දැක්වෙන ඡායාරූප රැසක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
‘‘මම මුලින්ම මගේ රට වැසියන්ගෙන් සමාව ඉල්ලනවා’’ යැයි අග්‍රාමාත්‍ය මෝදි ගුවන්විදුලිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

‘‘අප මේ අවුලට දැම්මේ අග්‍රාමාත්‍යවරයා යැයි දුප්පත් ජනතාව හිතනවා ඇති. ඔවුන් අනිවාර්යෙන්ම එසේ හිතෙනවා ඇති. එහෙත් වෙනත් විකල්පයක් නැති බව ජනතාව තේරුම් ගනු ඇතැයි මම හිතනවා’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.
‘‘අපි දැනටම පියවර රැසක් ගෙන තිබෙනවා. එය කොරෝනා වයිරසයට එරෙහිව අපට ජයග්‍රහණය අත්පත් කර දේවි’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.
ඉන්දියාවේ දුප්පත් ජනතාවට සහන සැලැසීම සඳහා ඉන්දීය රජය ඉකුත් දා ඇමෙරිකානු ඩොලර් බිලියන 22.6ක සහන පැකේජයක් ද නිවේදනය කළේය.
ඉන්දියාවේ ජනගහනය බිලියන 1.3ක් වන අතර එරට මහජන සෞඛ්‍ය පද්ධතියා දුර්වල යැයි ද විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
දුප්පත් ජනතාවට සහන සැලැසීම සඳහා තවදුරටත් මුදල් අවශ්‍ය යැයි පසුගිය වසරේදී ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනූ තිදෙනාගෙන් දෙදෙනකු වන අබිජිත් බෙනර්ජි සහ එස්තර් ඩුෆ්ලෝ යන දෙදෙනා පැවැසූහ.
රොයිටර්
055


COMMENTS
මේ අතර දුපත් රාජ්‍යයක් වශයෙන් අපට ඇති සම්පත් වලින් ඒවා කළමනාකරණය කරමින් රජයක් ලෙස හැකි සහන සලසමින් ඉතාමත්ම කෙටි කාලයක් තුලදී ගත බොහෝ පියවරයන් තිබියදීත් ලංකාවට ගරහමින් ලංකාවට අපහාස කරමින් ලංකාවේ සියලුම දේ හොද නැතෙයි කියන ලාංකිකයින්ද සිටියි.
ඇත්තෙන්ම ජනතාවයි මෝදිගෙන් සමාව ගතයුත්තේ. ඉන්දියාව ඇඳිරි නීතිය ක්‍රීයාත්මක කරන සැටි අපි දැක්කා ඒ ක්‍රමය ලංකාවෙත් කරන්න ඕනේ කියන තත්වයට අපිත් පත් උනා. මෝදිව ඒ තත්වයට පත්කෙළේ ඉන්දියාවේ අමන ජනතාවයි. ඔයගොඩේ විශේෂ අමන රැලක් ඇත.. ඒ හම්බයින්ය. ඔවුන්ට බෙදන හැටිත් අපි දැක්කා. ගෙදරට වී තම ආගමික කටයුතු කරන මුස්ලිම් ජාතිකයින් මම අනන්තවත් දැක ඇත්තෙමි. එ්ත් මේ රැල පල්ලි යන්නේ තෙල බෙදන්නයි. මොවුන්ට 2x2 පොලුවලින් සංග්‍රහ කලයුතුයි.
අනේ, එහෙම වුනත් මේ මෝදිට හූ කියන්නෙපා...