(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාවේ අම්රිත්සාර් හි රැදී සිටි එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද (23 )  පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබූහ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1146 දරණ  ගුවන් යානයෙන් මෙම සිසු පිරිස අද (23)  දින පස්වරු 2.26 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ඔවුන් විෂබීජ හරණය කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතය .