IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඉන්දියාවේ කො⁣රෝනා ආසාදිතයින් 21,000 පනී

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 21,393ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (23) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව අද (23) පස්වරු 4න් අවසන් වූ පැය 24ක කාලයේදී එරටින් හමු වූ ආසාදිතයන්ගේ ගණන 1,409ක් ලෙස සටහන් විය.

කොරෝනා වයිරසය ආසාදනය වූ 4,258දෙනකු සුවය ලබා ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 16,454ක් යැයි ද එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 681ක් යැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර ඉන්දියාවේ අසල්වැසියා මෙන්ම ප්‍රබලම ප්‍රතිවාදියා වන පාකිස්තානයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන ඊයේ පස්වරු වනවිට දසදහස ඉක්මවා ගොස් තිබිණි.

එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 10,811ක් ලෙස වාර්තා වූ අතර එරටින් වාර්තා වන මරණ ගණන 226ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 2,337ක් යැයි ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබිණි.
අද දිනයේදී පමණක් කොරෝනා ආසාදිතයන් 1,037 දෙනකු වාර්තා වූ බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව සිංගප්පූරුවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,178ක් දක්වා ඉහළ ගොස් ඇත.
නව ආසාදිතයන්ගෙන් වැඩිදෙනා සංක්‍රමණික සේවකයන් යැයි සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සංක්‍රමණිකයන් රැඳී සිටින ප්‍රදේශ ද නිරෝධායනය කළ යුතු යැයි සිංගප්පූරු ආණ්ඩුවේ නියෝග කර ඇත.


එන්.ඩී.ටීවී./ඩෝන්/අල් ජසීරා

055

 



අදහස් (0)

ඉන්දියාවේ කො⁣රෝනා ආසාදිතයින් 21,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 382 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site