ඉන්දියාවේ කොරෝනා වෛසරය ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2,059 ක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට වෛරසය ආසාදනයෙන් එරට සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 65 ක් වන අතර මේ වන විට සුවය ලබා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 175 ක් වෙයි.
ආන්ද්‍රා ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් හා මහාරාෂ්ට්‍ර යන ප්‍රාන්තවලින් අලුත් රෝගීන් වැඩි සංඛ්‍යාවක් අද හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දිනයේ අලුතින් රෝගීන් 50 ක් පමණ ඉන්දියාව පුරා හඳුනාගෙන ඇත.
ඉන් 21 දෙනෙකු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ඒ අනුව එම ප්‍රාන්තයෙන් මේ වන විට රෝගීන් 132 දෙනෙකු වාර්තා වී තිබේ.
මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයෙන් අලුතින් රෝගීන් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 98 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 6 ක් එම ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත.
රාජස්ථාන් ප්‍රාන්තයෙන් අලුතින් රෝගීන් 9 දෙනකු අද හඳුනාගෙන ඇති අතර ඒ අනුව එම ප්‍රාන්තයෙන් මේ වන විට වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ හඳුනාගෙන ඇති අලුත් රෝගීන් තිදෙනා ඇතුළුව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 338 දෙනෙකු මේ වන විට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එම ප්‍රාන්තයෙන් මරණ 16 ක් වාර්තා වේ.
ඒ අනුව වෛරසය ආසාදිත රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්වී ඇත.
වෛරසය ආසාදනයෙන් කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් මරණයට පත්වී ඇති අතර එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිත රෝගීන් සංඛ්‍යාව 265 ක් වෙයි.
ආසාදිත රෝගීන් 234 දෙනෙකු වාර්තා වෙන තමිල්නාඩු ප්‍රාන්තයේ මේ වන විට එක් මරණයක් පමණක් වාර්තා වී ඇත.
මීට අමතරව රෝගීන් 92 දෙනෙකු වාර්තා වන තෙළඟනා ප්‍රාන්තයෙන් මරණ 9 ක් වාර්තා වේ.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ආසාදිත රෝගීන් 113 දෙනෙකු, කර්ණාටක ප්‍රාන්තයෙන් රෝගීන් 110 දෙනෙකු, ගුජරාට් ප්‍රාන්තයෙන් රෝගීන් 87 දෙනෙකු සහ ජම්මු හා කාෂ්මිර් ප්‍රදේශයෙන් රෝගීන් 62 දෙනෙකු ද මේ වන විට වාර්තා වී ඇත.
එරට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන පරිදි ඊයේ දිනයේදී රෝගීන් 400 කට අධික සංඛ්‍යාවක් ඉන්දියාව පුරා වාර්තා වූ අතර එය දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වෙයි.
විශේෂයෙන්ම ආන්ද්‍රා ප්‍රදේශ් හා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තවල රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කෙරේ.
(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)
-226-
COMMENTS
මට දැනෙන විදිහට ඉන්දියාව බිහිසුණු තැනකට යා හැකියි. දුර්වල සෞඛ්‍ය සහ පුද්ගල හික්මීමක් ඇති රටක් වන ඔවුන්ට මෙය කෙසේ පාලනය කළහැකි වේවිද කියා සැක සහිතයි.
මම දැනටත් ඉන්නෙ ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ නොසැලකිල්ල තමයි ප්‍රධාන කාරණය කොච්චර මැරුණත් අපිට හැදෙන්නැ කියල ගනන් ගන්නැතුව කල්ලි කල්ලි ගැවසෙනව... එක ගමකට ආවම වැනසිල යනවා. පණ බයේ තමයි ඉන්න වෙන්නෙ.
තව සති දෙකක් විතර යනකොට ඉන්දියාව රෝගීන් 100000 පන්නනවා. අනිවාර්යයෙන් තව මාසෙකින් ඇමරිකාවත් අභිබවා යනවා. දුර්වල සෞඛ්‍ය සේවය නිසා අනිවාර්යයෙන් ඉන්දියාවේ කොරෝන හැදෙන රෝගීන්ගෙන් 15-20% අතර ප්‍රමාණයක් මිය යනවා. හදට රොකට් යවන්න. න්‍යෂ්ටික මිසෛල හදන්න, ක්‍රිකට් සැණකෙළි වලට , අපි වගේ කලාපයේ කුඩා රටවලට ලොකු කම පෙන්වන්න වියදම් කල මුදල් සෞඛ්‍ය සේවයට සහ ප්‍රවාහනයට වියදම් කලානම් මෙහෙම වෙන්නේ නැහැ. ඕනෑම රටක ප්‍රධානම සම්පත තම පුරවැසියාය. රටක් කොච්චර තාක්ෂණයෙන් දියුනුවුනත් තම පුරවැසියන්ට දුප්පත්, පොහොසත් භේදයකින්තොරව එක හා සලකන්නේ නැතිනම්, ළමුන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ නැතිනම් , එම රට දියුණුවන්නේ නැත . තම පුරවැසියන්ට හොදින් සලකන සිංගප්පුරුව , සුවිස් , ලක්සම්බෙර්ග් , වැනි කුඩා රටවල් පවා දියුණුවේ හිනිපෙත්තටම නැග ඇත්තේ එම නිසාය , අපිත් මේවා පාඩම් වශයෙන් ගත යුතුය .