IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවයි - මරණ 65 යි

ඉන්දියාවේ කොරෝනා වෛසරය ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2,059 ක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට වෛරසය ආසාදනයෙන්  එරට සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 65 ක් වන අතර මේ වන විට සුවය ලබා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 175 ක් වෙයි.

ආන්ද්‍රා ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් හා මහාරාෂ්ට්‍ර යන ප්‍රාන්තවලින් අලුත් රෝගීන් වැඩි සංඛ්‍යාවක් අද හඳුනාගෙන තිබේ. 

ඒ අනුව අද දිනයේ අලුතින් රෝගීන් 50 ක් පමණ ඉන්දියාව පුරා හඳුනාගෙන ඇත.

ඉන් 21 දෙනෙකු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ඒ අනුව එම ප්‍රාන්තයෙන් මේ වන විට රෝගීන් 132 දෙනෙකු වාර්තා වී තිබේ.

මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයෙන් අලුතින් රෝගීන් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 98 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 6 ක්  එම ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත.

රාජස්ථාන් ප්‍රාන්තයෙන් අලුතින් රෝගීන් 9 දෙනකු අද හඳුනාගෙන ඇති අතර ඒ අනුව එම ප්‍රාන්තයෙන් මේ වන විට වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ හඳුනාගෙන ඇති අලුත් රෝගීන් තිදෙනා ඇතුළුව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 338 දෙනෙකු මේ වන විට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එම ප්‍රාන්තයෙන් මරණ 16 ක් වාර්තා වේ.

ඒ අනුව වෛරසය ආසාදිත රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්වී ඇත.

වෛරසය ආසාදනයෙන් කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් මරණයට පත්වී ඇති අතර එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිත රෝගීන් සංඛ්‍යාව 265 ක් වෙයි.

ආසාදිත රෝගීන් 234 දෙනෙකු වාර්තා වෙන තමිල්නාඩු ප්‍රාන්තයේ මේ වන විට එක් මරණයක් පමණක් වාර්තා වී ඇත.

මීට අමතරව රෝගීන් 92 දෙනෙකු වාර්තා වන තෙළඟනා ප්‍රාන්තයෙන් මරණ 9 ක් වාර්තා වේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ආසාදිත රෝගීන් 113 දෙනෙකු, කර්ණාටක ප්‍රාන්තයෙන් රෝගීන් 110 දෙනෙකු, ගුජරාට් ප්‍රාන්තයෙන් රෝගීන් 87 දෙනෙකු සහ ජම්මු හා කාෂ්මිර් ප්‍රදේශයෙන් රෝගීන් 62 දෙනෙකු ද මේ වන විට වාර්තා වී ඇත.

එරට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන පරිදි ඊයේ දිනයේදී රෝගීන් 400 කට අධික සංඛ්‍යාවක් ඉන්දියාව පුරා වාර්තා වූ අතර එය දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වෙයි.

විශේෂයෙන්ම ආන්ද්‍රා ප්‍රදේශ් හා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තවල රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කෙරේ.

(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)

-226-



අදහස් (4)

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවයි - මරණ 65 යි

රජින්ද Thursday, 02 April 2020 06:42 AM

මට දැනෙන විදිහට ඉන්දියාව බිහිසුණු තැනකට යා හැකියි. දුර්වල සෞඛ්‍ය සහ පුද්ගල හික්මීමක් ඇති රටක් වන ඔවුන්ට මෙය කෙසේ පාලනය කළහැකි වේවිද කියා සැක සහිතයි.

:       0       20

සිදත්Thursday, 02 April 2020 08:07 AM

ඇත්ත.. මිත්‍යා විශ්වාස කරපින්නන් ඉන්න නුගත් පණ්ඩිත බහුතරයක් වෙසෙන රටක මේ තත්ත්වය කොහොම පාලනය කරයිද කියලා හිතන්න අමාරුයි

:       0       0

Nadeesha ganesan Thursday, 02 April 2020 11:15 AM

මම දැනටත් ඉන්නෙ ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ නොසැලකිල්ල තමයි ප්‍රධාන කාරණය කොච්චර මැරුණත් අපිට හැදෙන්නැ කියල ගනන් ගන්නැතුව කල්ලි කල්ලි ගැවසෙනව... එක ගමකට ආවම වැනසිල යනවා. පණ බයේ තමයි ඉන්න වෙන්නෙ.

:       0       0

de silva Thursday, 02 April 2020 02:39 PM

තව සති දෙකක් විතර යනකොට ඉන්දියාව රෝගීන් 100000 පන්නනවා. අනිවාර්යයෙන් තව මාසෙකින් ඇමරිකාවත් අභිබවා යනවා. දුර්වල සෞඛ්‍ය සේවය නිසා අනිවාර්යයෙන් ඉන්දියාවේ කොරෝන හැදෙන රෝගීන්ගෙන් 15-20% අතර ප්‍රමාණයක් මිය යනවා. හදට රොකට් යවන්න. න්‍යෂ්ටික මිසෛල හදන්න, ක්‍රිකට් සැණකෙළි වලට , අපි වගේ කලාපයේ කුඩා රටවලට ලොකු කම පෙන්වන්න වියදම් කල මුදල් සෞඛ්‍ය සේවයට සහ ප්‍රවාහනයට වියදම් කලානම් මෙහෙම වෙන්නේ නැහැ. ඕනෑම රටක ප්‍රධානම සම්පත තම පුරවැසියාය. රටක් කොච්චර තාක්ෂණයෙන් දියුනුවුනත් තම පුරවැසියන්ට දුප්පත්, පොහොසත් භේදයකින්තොරව එක හා සලකන්නේ නැතිනම්, ළමුන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ නැතිනම් , එම රට දියුණුවන්නේ නැත . තම පුරවැසියන්ට හොදින් සලකන සිංගප්පුරුව , සුවිස් , ලක්සම්බෙර්ග් , වැනි කුඩා රටවල් පවා දියුණුවේ හිනිපෙත්තටම නැග ඇත්තේ එම නිසාය , අපිත් මේවා පාඩම් වශයෙන් ගත යුතුය .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1297 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2312 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 322 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1010 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9508 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3557 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site