ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (24) ප්‍රකාශ කළේය.
ඒ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් දක්වා ඉන්දියාවේ කටයුතු සියල්ල නවතා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

‘‘අද මධ්‍යම රාත්‍රියේ සිට මුළු රටම ‘ලොක්ඩවුන්’ ක්‍රමය අනුගමනය කරනවා. ‘ටෝටල් ලොක්ඩුවන්’ ක්‍රියාමාර්ගයකට අපි යනවා’’ යැයි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.
බිලියන 1.3කට වැඩි පිරිසක් සිටින ඉන්දියාව ලොව විශාලතම ජනගහනයට හිමිකම් කියන රටයි.
‘‘ඉන්දියාව ආරක්ෂා කරගැනීමට, ඉන්දියාවේ සෑම පුරවැසියකුම ආරක්ෂා කරගැනීමට ඔබ, ඔබේ පවුල, සෑම වීදියක්ම, ඔබේ අසල්වැසියන් සියලු දෙනා ‘ලොක්ඩවුන්’ කරනවා’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.
යුරෝපයේ රටවල් රැසක්ම මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර එම ක්‍රියාමාර්ගයට අනුව ගමන්බිමන් සීමා කෙරෙන අතර කඩසාප්පු ආදී සියල්ල වසා දැමේ.
(ඒ.එෆ්.පී.)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපි තවම පරක්කු ... ඉක්මණින්ම අපිත් එෙහම කරමු...රට මුදාගන්න.
මෙම වසංගතය පැතිරීම වැළැක්විමට එය අපටත් හොද පියවරක් වෙනවා.
අපේ ජනාධිපතිතුමා ගත්තේ ඉතාම නිවැරදි තීරණයකි. ලොක් ඩවුන් නිසා ඉන්දියාවේ දසකෝටියක පැල්පත් ජනයා උසුලාගත නොහැකි දැඩි පීඩනයකට ලක් වෙනවා. සිවිල් යුද්ධයකට යන්න වුවත් පුලුවනි. ලංකාව යුද්ධය දිනූ ලෙසින්ම මෙය දිනනවා නිසැකයි.
අප විශ්වාස කරනවා සෞඛ්‍යය අංශවලින් ලබා දෙන උපදෙස් නිසිලෙස පිළිපදින්නේ නම් මෙම උවදුරට හොදින් මුහුණදීමට අපේ පුරවැසියන්ට හැකිෙවෙයි කියලා. අපි අපේ පුරවැසි යුතුකම්, වගකීම් ඉටුකරමු. එවිට මෙය ඉතාම පහසුවෙන්ම මැඩපැවැත්විය හැකියි නේද ?
ටිකක් ඉහළට ඉගෙන ගෙන සල්ලි ටිකක් හොයාගෙන මාස ගානකට බඩු ගෙදර පුරවාගෙන රටේ අනිත් බහුතරයක ජීවන තත්වය ගැන නොහිතන සමහර බුරු් ඉන්දියාව වගේ රට ලොක් ඩවුන් කරන්න කතා කරනවා. එදා වේල හොයාගෙන ජීවත්වෙන ජනගහනය වැඩි ලංකාවට මේ ක්‍රමය අමාරුයි. රටේ අමාරුම කාරණය සල්ලි කීයක් හරි හොයාගෙන ඉන්න මේ වගේ අයගේ නොහික්මුණු ක්‍රියා කලාපයයි. රස්තියාදුවේ යනවා, පාටි දමනවා... රජය කියන විදියට කරලා බලමු.