IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ අගුලු දැමීම් තවත් සති දෙකකට දීර්ඝ කරයි

කොරොනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාවේ පනවා තිබූ අගුලු දැමීම තවත් සති දෙකක කාලයකට දීර්ඝ කර තිබේ.

මාර්තු 24 වන දින සිට ක්‍රියාත්මක කළ අගුලු දැමීම දීර්ඝ කළ සිව්වන අවස්ථාව මෙයයි.

හදිසියේ පැනවූ අගුලු දැමීම හේතුවෙන් ඉන්දියාවේ පාසැල්, පොදු ප්‍රවාහන සේවා සහ බොහෝ ව්‍යාපාර වසා දැමූ අතර බොහෝ පිරිස් අපහසුතාවයට පත්වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන්දියාවේ බිලියන 1.3ක ජනතාවක් ආවරණය කරමින් සීමා පැනවුණු අතර මෙය ලොව විශාලතම අගුලු දැමීම ලෙස වාර්තා විය.

ඉන්දියාවේ ගුවන් ගමන්, දුම්රිය, අධ්‍යාපන ආයතන. මෙට්‍රෝ සේවා, අවන්හල්, බාර්, සිනමා ශාලා සහ සාප්පු සංකීර්ණ වසා තැබෙනු ඇති අතර බොහෝ සීමා කිරීම් තව දුරටත් ක්‍රියාත්මක වේ.

කෙසේවුවද ආපනශාලාවලින් ආහාර බෙදා හැරීමේ සේවාවන් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදී ඇති අතර ප්‍රෙක්ෂකයින් නොමැතිව ක්‍රීඩා තරඟ පැවැත්වීමට අවසර දී තිබේ.

අගුලු දැමීමු ක්‍රියාත්මක වුවද පුද්ගලික මෝටර් රථ හා බස් රථ නගර හරහා ධාවනය කළ හැකි අතර අවසර තිබෙන අයට ප්‍රාන්ත දේශ සීමා හරහා ගමන් කළ හැකිය.

සමහර ස්වයංරැකියා සඳහා අවසර දී ඇති අතර කෘෂිකාර්මික කටයුතු සඳහා ද සීමා ලිහිල් කර තිබේ.

කෙසේ වුවද මෙම ලිහිල් කිරීම් බලාත්මක වන්නේ අඩු අවදානම් ප්‍රදේශ වල පමණක් බව ඉන්දීය බලධාරීහු පවසති.

ඉන්දියාවේ මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් 90 000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන අතර මරණ 2 896ක් සිදුවී තිබේ.

මුම්බායි නගරයෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අතර ඒහි සක්‍රීය රෝගීන් 30 706ක් සිටින අතර දෙවැනියට වැඩිම රෝගීන් වාර්තා වන දිල්ලි නගරයේ රෝගීන් 10 585ක් වාර්තා වී තිබේ.

රටපුරා අගුලු දැමීම හේතුවෙන් ඉන්දියාවේ මිලියන 120ක පමණ පිරිසකට රැකියා අහිමි වී ඇති අතර රජයට දැවැන්ත ආර්ථික පිරිවැයක් දැරීමට සිදුවී තිබේ.


(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (0)

ඉන්දියාවේ අගුලු දැමීම් තවත් සති දෙකකට දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site