ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට බලධාරීහු අද (8) ප්‍රකාශ කළහ.
පසුගිය දින කිහිපයේදී අමාත්‍යවරයා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව ඔහුට වයිරසය තහවුරු වී ඇති බව තහවුරු කරමින් ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වහීදුල්ලා මයාර් අන්දෝලු පුවත් සේවයට පැවැසීය. ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ බ්‍රහස්පතින්දා ය.
‘‘සෞඛ්‍ය අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. ඔහු ඔහුගේ නිවසේම ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා’’ යැයි ද අමාත්‍යාංශ ප්‍රකාශක පැවැසීය.
ඇෆ්ගනිස්තානය පුරා වයිරසය වේගයෙන් පැතිර යෑමේ අවදානමක් නිර්මාණය වී ඇත.
අද (8) පස්වරු 2 වනවිට ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,563ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 106ක් ලෙස දැක්විණි.
අල්ජසීරා
ඡායාරූපය : ඒ.එෆ්.පී.
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd