ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකාවේ මුදල් නොදෙන බවත් මෙතෙක් කරන ලද මූල්‍ය පරිත්‍යාග කපාහරින බවටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අනතුරු අඟවයි.
එම සංවිධානය චීනයට පක්ෂපාතී යැයි ද ඊට එරෙහිව දැඩි පියවරක් ගන්නේ යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය. ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වසංගතයේ නවතම තොරතුරු දැනුම්දීම සඳහා ධවල මන්දිරයේදී දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් ඒ බව කීය . එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම මූල්‍ය දායකත්වයක් ලබාදෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
‘‘ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය ගැන වැරැදියට කිව්වේ. ඔවුන්ට තිබුණා මීට මාස ගණනකට කලින් අනතුරු අඟවන්න’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය .
කොරෝනා වයිසරයේ ව්‍යාප්තියත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි 30 වැනිදා හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කළේය. ඇමෙරිකාව තුළ සියල්ල පාලනය කර ඇතැයි ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමට මසකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය එලෙස හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මූල්‍ය දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 122.6ත් ඩොලර් මිලියන 57.9ත් අතර වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත .
ජනවාරි සහ පෙබරවාරි මාසවලදී කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම් දුන්නද ඔහු ඒවා ගණනකටවත් ගෙන නැතැයි ද විදෙස් මාධ්‍ය මේ වනවිට අනාවරණය කර ඇත .
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් යැයි ප්‍රකාශ කිරීමෙන් පසුව ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය එතරම් ගණනකට නොගත්තේය .
ඒ.එෆ්.පී./ද ගාඩියන්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුල් කේන්ති කාරයනේ. ඔය කිව්වට දෙයි
සිරිසේනගේ April 21 කතාව වගේ .. අනිත් මිනිහට වරද පටවනවා....
‘‘ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය ගැන වැරැදියට කිව්වේ. ඔවුන්ට තිබුණා මීට මාස ගණනකට කලින් අනතුරු අඟවන්න’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය ". මෙම වාක්‍ය මගින් ඩොනල් උන්නැහේ අදහස් කරන්නේ කුමක්ද ?
ඔය කාට නොදුන්නත් කමක් නැහැ ... ඒත් අපිට දෙනවයි කියපු කුට්ටිය නම් දෙන්නම වෙනවා ...
මෙදමූලනේ උදවියට දෙන ආධාර වලටත් මොනවා වෙනවා ඇද්ද?
ඉදිරි වසර සදහා සාමාජික මුදල් ලෝකේ කිසිම රටකට දීම අපහසුයි. මේ අවුරුද්දේ සියලුම මුදල් චීනෙන් ඉල්ලා ගන්න . මොකද කොරෝන හදල ලෝකේ පුරා බෙදා හැරියෙ චීනායි ....
රටක් පාලනය කරන්න කිසිම පලපුරුද්දක් නැති උද්දච්ච සල්ලිකාරයෙකුට රටක නායකත්වය ලැබුණම ඔහොම තමයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් තරම් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඉතාම දුර්වල හිතුවක්කාර පිළිවෙතක් ලෝකේ කිසි රටක් අනුගමනය කරලා නැහැ. චීනය ඇතුළු අනිත් හැම රටක්ම බැලුවේ පුළුවන් තරම් තමන්ගේ රටේ ජනතාව බේරා ගන්න. ඇමරිකාවට කොරෝනා ආවේ හුඟක් පරක්කු වෙලා. ඕනේ තරම් කාලය තිබුන ලැහැස්ති වෙන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය වේලාසනම අනතුරු ඇඟේව්ව. නමුත් ලෝකය බලවත්ම රට වන ඇමරිකාව ඒ අනතුරු ඇඟවීම් ගණන් ගත්තේ නැහැ. COVID-19 හින්ද ඇමරිකාවේ මැරෙන හැම මිනිහෙක්ම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වග කියන්න ඕනේ. තාම හරියට දන්නේ නැහැ නමුත් සමහරවිට COVID-19 නිසා ලෝකේ පුරාමත් මැරිච්ච හැම ජීවිතයකටමත් ඩොනල්ඩ් ට්‍රම්ප් වග කියන්න වෙයි. රටට ආදරේ මිනිස්සු ගිය ආණ්ඩුව වගේම මේ ජනාධිපතිත් එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යන එකට විරුද්ධ වෙච්ච නිසා මිසක් නැත්නම් එම්සීසී ගිවිසුම අත්සන් කරා නම් කවුද දන්නේ කොරෝනා වෛරසය චීනෙන් නෙමෙයි ලංකාවෙන් පටන් ගන්නත් ඉඩ තිබුනා.
මෙ සැරෙ විකාරෙන් දොඩවනවා...
ට්‍රුම්ප් කිව්වට එම මුදල නොගෙවා ඉන්න ඔහුට බලයක් නැහැ. හඳට බුරන බල්ලෙක් වගේ බුරනවා. එම මුදල අත්හිටවන්න බලය තිබෙන්නේ කොන්ග්‍රස් සභාවට පමණයි. කොන්ග්‍රස් සභාවෙ වැඩිබලය තිබෙන්නේ ට්‍රුම්ප්ගේ විරුද්ධ වාදීන්ටයි. ඒ අයගේ එහෙම අදහසක් නැති වග කියන්න ඕනෙ. මාස කිහිපයකට පෙර කොංග්‍රසයෙන් යුකරෙනයට අනුමත කල මුදල් තමන්ගේ වාසියට ප්‍රමාද කළනිසා තව පොඩ්ඩෙන් ගෙදර යවනවා. සෙනෙට් සභාවේ ඉන්න තම පාක්ෂිකයන් ඔහු බේරා ගත්තා. ලෝක සෞක්‍ය සංවිධානයේ විදමින් 25% දෙන්නෙ එක්සත් ජනපදයි. එම සංවිධනයේ වගකීම් පැහැර හරිම නිසා ලෝකයම මේ තත්වයට පත්වුණා වගයි ට්‍රුම්ප් පවසන්නෙ...