IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ටම වයිරසය ව්‍යාප්තව ගිහින්

චීනයෙන් ආරම්භ වී යුරෝපයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ්-19 වයිරසය මේ වනවිට ඇමෙරිකාවේ සියලු ප්‍රාන්ත(50) කරා පැතිර ගොස් ඇතැයි වාර්තා වේ.
 
නැගෙනහිර වර්ජිනියා ප්‍රාන්තය ද කොරෝනා ආසාදිතයකු වාර්තා කළ අතර, ඒ අනුව, මේ වනවිට ඇමෙරිකාවේ 6,000ක් ආසාදිත තත්වයේ පසුවෙති. පුද්ගලයන් 100දෙනෙකු මියගොසිනි.
 
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, වර්ජිනියා ප්‍රාන්තයෙන් කිසිදු රෝගියකු වාර්තා නොවීම පිළිබඳව ප්‍රසාදය පළකරමින් ඊයේ දිනයේදී අදහස් දැක්වීය.
 
‘මම හිතන්නෙ වර්ජිනියා ප්‍රාන්තයට වෛද්‍ය කණ්ඩායම් අවශ්‍ය වන එකක් නැහැ. තවම කිසිම ආසාදිතයකු එයින් වාර්තා වී නැහැ’ යැයිද ට්‍රම්ප් මහතා පවසා ඇත. 

එහෙත් ඊට පැය කිහිපයකට පසු වර්ජිනියා ප්‍රාන්තයෙන් පළමු රෝගියා හමුවූ බව එහි ආණ්ඩුකාරවරයා සනාථ කළේය.
 
‘අපි ඉන්නෙ එකම බෝට්ටුවේ. අපි සේරටම මේ වයිරසයට මුහුණදෙන්න වෙනවා.’
 
වර්ජිනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය කටයුතු ඉතා දුර්වල මට්ටමෙන් කෙරෙන බැවින්, වෛද්‍ය පරීක්ෂණ සීමිතව සිදුකිරීමේ ස්වභාවය අනුව, ආසාදිතයන් සංඛ්‍යාව තවම නිශ්චිතව හඳුනාගෙන නැති බවද පැවසේ.

මේ අතර, ට්‍රම්ප්ගේ පරිපාලන ඒකකය විසින් සමාජයෙන් දූරස්ථව නිවාසවලට සිටින්නැයි සියලු ඇමෙරිකානුවන්ට දැනුම් දී තිබේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ මිලියන 7ක පමණ ජනතාවකට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටීමට නියම කර ඇති අතර, නිව්යෝක් නුවර ඇතුළු නගර කිහිපයක ම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික කටයුතු නවතා දමා ඇත.
 
සුළු හෝ අසනීප තත්වයක් පවතින පුද්ගලයන් වේ නම් ඔවුන්ට සති දෙකක කාලයක් නිවාසවල රැඳී සිටීමටද උපදෙස් ලබා දී ඇත.
 
කොරෝනා වයිරසයෙන් අපේක්ෂා කළ සීමාව ඉක්මවා ආසාදිතයන් සහ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වෙමින් සිටින බව විශේෂඥවරු පෙන්වා දෙති.



අදහස් (4)

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ටම වයිරසය ව්‍යාප්තව ගිහින්

max Wednesday, 18 March 2020 07:05 AM

ජවිපෙ සහ සජබ ගෝල බාලයෝ මුහුණු පොතේ නටන විදිහට මේකටත් ලංකාවේ ආණ්ඩුවට වරද පටවන්න බැරි නැහැ.

:       40       4

Sena Wednesday, 18 March 2020 07:56 AM

අර්බුදයක් ඇතිකර එයින් ගොඩයාමට උත්සහකරන්නා එම අර්බුදයෙන්ම විනාශවේ.

:       10       6

සෙනෙවිරත්න Wednesday, 18 March 2020 02:37 PM

ජවිපෙ කිසිම අයෙකු එවැන්නක් නොකරන බව වෛද්‍ය නලීන් ජයතිස්ස අද දින කළ ප්‍රකාශ අනුව තහවුරුවේ. එහෙත් සේනා දළඹු උවදුර සහරාන් ප්‍රහාරය අවස්ථාවේදී මහින්ද පාර්ශවය හැසිරුණු ආකාරය අමතක වූ හැඩයි.

:       0       0

jayath Thursday, 19 March 2020 02:44 AM

මගේ නම් ඒකායන ප්‍රාර්ථනය ඉක්මණින්ම අනිකුත් ප්‍රාන්තත් මේ බෝට්ටුවටම වැටේවා කියලයි (මිනිසුන් නොමැරී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site