ඇමෙරිකා එක්සත් ජනපදයේ දරුවන්ගෙන් පහෙන් එකකට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බව නව පර්යේෂණ වාර්තාවකින්අනාවරණය වී ඇත.
ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ පර්යේෂණ ආයතනයක් වන බෲකින්ස් ආයතනය කරන ලද සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇති අතර මවුවරුන් සම්බන්ධ කරගනිමින් එම පර්යේෂණය කර තිබේ.
එම අනුපාතය 1930 වසරේ ඇති මහා ආර්ථික අවපාතයට වඩා දරුණු බවත් 2008 වසරේ ඇති වූ මූල්‍ය අර්බුදය පැවැති සමයට වඩා තුන් ගුණයකින් ඉහළ බවත් පැවසේ.
නිවසේ තිබෙන ආහාර ප්‍රමාණය අඩු වීමත් සමඟ මාපියන් දරුවන්ට දෙන ආහාර වේල් මඟහරින බව ද මෙහිදි අනාවරණය වී තිබේ. වයස අවුරුදු 12ට අඩු දරුවන් සිටින නිවෙස්වල දරුවන්ගෙන් සියයට 17.4ක් ප්‍රමාණවත් පරිදි ආහාර නොගන්නා බවත් ඉහත කී පර්යේෂණයෙන් සොයාගෙන ඇත. මහා ආර්ථික අවපාතය පැවැති සමයේදී එම ප්‍රතිශතය සියයට 5.7ක් වූ බව ද පැවසේ.
ප්‍රමාණවත් පෝෂණය නොලැබීමෙන් කුඩා හා තරුණ දරුවන් ට දීර්ඝකාලීන සංවර්ධන ආබාධ ඇතිවිය හැකියි.
‘‘මේක අනතුරු ඇඟවීමක්’’ යැයි මෙම පර්යේෂණය අධීක්ෂණය කළ ආර්ථික විද්‍යාව පිළිබඳ බෲකින්ස් ආයතනයේ විද්‍යාර්ථී ලෝරන් බවර් කීවාය.
‘‘ගෙවල්වලින් දරුවන්ට දෙන ආහාර ප්‍රමාණය සීමා කරලා. දරුවන්ට ආහාර ලැබෙන්නේ නැහැ. අපි හිතනවට වඩා මේ සංඛ්‍යා ඉහළ’’ යැයි ද ඇය පැවැසුවාය.
පාසල්වල ආහාර වැඩසටහන්වලට බාධා එල්ල වී ඇති බව ද ඇය සඳහන් කළාය. ඇතැම් පවුල්වල වැඩිහිටි දරුවන් මේ සීමිත ආහාරවලට තරග කරන බව ද ඇතැම් පවුල්වලට ආහාර තිබෙන ස්ථානවලට ළඟා වීමට නොහැකි බව ඇය කීවාය.
පර්යේෂණය සොයාගැනීම් මෙලෙස ප්‍රසිද්ධියට පත්වූයේ ආහාර මුද්දරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර මතභේද පවතින අවස්ථාවකදීය. ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී ආහාර මුද්දරය සහ ඉන් දෙන ප්‍රතිලාභ සියයට 15කින් වැඩි කරන්නැයි ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලා සිටී. 2009 වසරේ ආර්ථික පසුබෑම අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ග ගත් බවත් එමඟින් කුසගින්න අඩු කරගැනීමට හැකි වූ බවත් ඩිමොක්‍රටික් පක්ෂය පෙන්වාදෙයි.
ආහාර මුද්දරය සහ එමඟින් ලබාදෙන සහන කෙටිකාලයක් සඳහා සියයට 60කින් වැඩි කිරීමට එක්සත් ජනපද කොංග්‍රසය පියවර ගෙන ඇත. කෙසේ නමුත් දුප්පතුන්ට සහන නොලැබෙන බවට ද චෝදනා එල්ල වී ඇත. තවත් සහන වැඩසටහන් ඇතුළු ආරක්ෂණ ආදී වැඩසටහන් ක්‍රියාත්මක බවත් එමඟින් වැඩිවෙන අවශ්‍යතාවලට ප්‍රමාණවත් බවත් රිපබ්ලිකන් පක්ෂය පෙන්වාදෙයි.
‘ද නිව්යෝක් ටයිම්ස්’
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය කියන අහේනියක් උන්ට නැහැ. අපි මේ ලංකාවේ තියෙන ප්‍රශ්න ගැන බලමු.
හැ !!!! රටේ මුලික පුරවැසියා කෑගහන්නේ කොහොමද? ඕකට තමා කියන්නේ අනුනට ඇඟිල්ල දික්කරන්න එපාය කියලා. අනුනට එක ඇඟිල්ලක් දික් කරනකොට තමනට අනිකුත් ඇඟිලි හතරම දික්වෙන විත්තිය නොදත් මෝඩයෙක්. ප්‍රතිශතයක් ලෙසින් ගතහොත් 20% ක් ළමයින් බඩගින්නේ. මුලික පුරවැසියාගේ මොලේ වටේ තාප්පේ බදින්න වෙන්නැති කෝටි වියදම් කරන්න අනුමැතිය ගත්තේ. කිම් මල්ලි එකනේ ගණන්ගන්නේ නැත්තේ. මෑන්ස් දන්නවා මෝඩයාට පාන් කැල්ලක් දුන්නහම ඔහේ පැත්තකට වෙලා ඉන්නවා යයි කියලා.
එහෙම රට අපේ රටට ආධාර දෙන්න යනවා. බලාගෙන ගියාම ඇමෙරිකාව කියන්නේ මහා හිඟන්නෙක්...
ඇමෙරිකාවේ දරුවන්ට හරිහැටි කෑමක් නැත්නම්, කොරෝනා රෝගීන්ට බෙහෙත් නැත්නම් ඇමෙරිකාවේ මුදල් ආධාර වෙන රට වලට දීම නතර කොට ඇමෙරිකානුවන්ගේ සුභ සිද්ධිය සදහා යෙදවිය යුතුය. කොහොමත් අපේ වගේ රටවල් වලට මුදල් ආධාර දුන්නත් හොදක් අහන්න ලැබෙන්නේ නැත.
කැලිෆෝනියාවේ අපේ නිවාසය අසල නොමිලේ දහවල් ආහාරය ලැබෙන සියලුම දරුවන්ගේ පවුල්වල සාමාජිකයනට දිවා ආහාරය දෙනවා, පවුලේ සාමාජිකයෙක් දරුවාගේ පාසලට පැමිණ තමන්ට අවශ්‍ය ආහාර පාර්සල් අරගෙන යන්න ඕනෙ. වැඩියෙන් අහාර හිඟ රිපබ්ලිකන් පක්ෂියකයන් පාලනය කරන ප්‍රන්තවලයි. කැලිෆෝනියාව සැමදාම පාලනය ඩිමොක‍්‍රටික් පක්ෂයටයි හිමිවී තිබෙන්නෙ. දැන් තිබෙන තත්වය නිසා ගොවින් ඉවත දමන්න සුදානම් වුන නිෂ්පාදන කැලිෆෝනියා රජයෙන් මිලදීගෙන අහාර බැංකු මගින් මහජනයාට නොමිලේ ලබාදීමේ ක්‍රමයක් සුදානම් කර ඇත. බෙදාදෙන ස්ථාන දින සහ වේලාවන් සෑම සතියකම මාධ්‍ය මාර්ගයෙන් මහජනයාට දනුම් දෙනවා.
බලපුවම ලෝකෙට ලොක්ක ෂෝ කාරයෙක්නේ. එයාටම හරියන අපේ රටෙන් එහෙට මන්ගච්චපු කෙනෙක් ඒක සාධාරණීකරණය කරලත් තියෙන්නේ... ඒකාවත් මෙහෙට ගෙන්නුවා නම් පව්ලේ කෂ්ටියට එකතුවෙලා අපේ රටේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුමක් දේවි.
ලංකාවේ කට්ටිය කිඹුල් කඳුළු හෙලන්න එපා. මිලියන 320 ජනගහනයක් සහිත රටක ඉතා සුළු ප්‍රතිශතයක් ඔය කියන්නේ... එ්ක එ් අයම සොයාගෙන විසඳුම් දේවි... ඇමරිකාවේ සියලුම පාසල් ළමුන්ට උදේ අහාරය සහ දිවා අාහාරය නොමිලේ මේ කොරෝනා වසංගත කාලයේත් දෙන බව දන්නවද? කරුණාකර ඇමෙරිකාව ලංකාවත් සමග සසඳන්න කිසිවිටෙකත් එපා...
ඔය ඇමෙරිකාවේ ළමයි වැඩි හරියක් කන්නේ සෞඛ්‍යයට හිතකර ආහාර නොවෙයි. කන්නෙම වැඩි හරියක් ජන්ක් ෆූඩ් තමයි...
දිගින් දිගට ඇදිරිනීතිය තිබුනොත් අපේ රටේ තත්වය ලබන මාසේ වෙනකොට මෙයට වැඩිය උග්‍ර වෙන්න පුළුවන්.
ඔය දේම අපේ රටෙත් කරන්න තමයි අපි ඇමෙරිකන් කාරයෙක් ලොක්ක කරගත්තේ.
අපේ රටේත් ඔය සන්තෑසියම සිද්ද වෙනවා. ඇත්තො කති. බොති. නැත්තෝ ලෙවකති. එහෙව් රටේත් දන්සැල් පාටි දාපු, එදා වේල කන බොන දෙයින් පවා ගසාකාපු දේශපාලුවන් ඉන්නවා.
ඇමරිකාවේ ජීවත් වන අය විදියට අපි දන්නවා ළමයින්ට සලකන විදිය... සියලුම පාසල් ළමයින්ට උදය අාහාරය සහ දවල් ආහාරය පාසල් තියෙන මේ කාලයේත් ලැබෙනවා.