IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමෙරිකාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1,800 කට අධිකය.

වෛරසය හේතුවෙන් අමෙරිකාවේ මේ වන විට සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 13,000 කට ආසන්න වේ.

මේ වන විට අමෙරිකාවෙන් ලොව වැඩිම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන අතර එය 398,000 ඉක්මවා ඇත.
 
ලොව පුරා මේ වන විට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 1.4 ඉක්මවා තිබේ.

කෙසේ වෙතත් වෛරසය මහා පරිමාණයෙන් පැතිරීම ආරම්භ වූ චීනයේ වුහාන් නගරය සති 11 ක් වසා දැමීමෙන් පසු නැවත විවෘත කිරීමට පියවර ගනු ලැබීය.


මීට පෙර කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව 1,344 ක් වූ අතර එය අප්‍රේල් 4 වැනිදා වාර්තා විය.

මේ අතර අමෙරිකානු ගායක සහ ගීත රචක ජෝන්  ප්‍රයින් කොරෝනා වෛරසය ආසාදනයෙන් මරණයට පත්වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ තහවුරු කළහ.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය. ඔහුගේ බිරිඳට ද වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ නමුත් පසුව ඇය සුවය ලැබීය.

රෝග ලක්ෂණ හේතුවෙන් ජෝන් ප්‍රයින් පසුගිය මාසයේ රෝහල් ගත කළ අතර පසුව ශ්‍රවණ ආධාරක යන්ත්‍රයක් මගින් ඔහුට ප්‍රතිකාර ලබාදීමට ද පියවර ගැණින .

-226-
 
(බීබීසී ඇසුරෙනි)



අදහස් (6)

ඇමෙරිකාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

thush Wednesday, 08 April 2020 10:43 AM

මෙම තත්වය ඔවුන් නොදන්නවා නොවේ.අමෙරිකා එක්සත් ජනපදයේ තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වීමෙන් පෙනෙන්නේ ඔවුන්ට ඇති වේගය ගැනයි. ඔවුනට මරණ සිදුවීම එතරම් ගැටලුවක් නොවේ. මාස 2-3 රට වසා-දැමීම ඔවුන්ට කෙසේවෙතත් දිරවන ක්‍රියාවක් නොවේ.ඔවුන්ට වැදගත් ජීවිත නොව තම රට කඩා වැටී ලොව 4-5 වැනි තැනකට වැටී යයි කියන මහා-බිය පමණි. එමනිසා APRIL 3-4 වන සතියේ සිට නැවතත් වේගයෙන් දිවීම ඔවුන්ගේ එකම දිනුම්-කණුව වේ. කලින්ම නැගී සිටින රටට ඇති අවස්ථාවක ඔවුන් 2-ලෝක යුද්ධයෙන් ලබූ පන්නරයෙන් මනාව දනී.

:       131       9

Hewa Wednesday, 08 April 2020 10:59 AM

වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුවන මරණ/පරාසය (200,000) සියල්ල ඔවුන් මනාව කලින් සිටම දනී.. එම තොරතුරු , වක්‍ර, රටාවන් ඔවුන් නොදන්නවා විය නොහැක.... ඔවුන්ට අවශ්ෂ තව සති 2-3 ඇතුලත රට වෙනදාටත් වැඩ වේගයෙන් දිවීම පමණි.

:       41       7

මෝ Wednesday, 08 April 2020 12:49 PM

ජනාධිපති ට්‍රම්ප් උත්සාහ කරන්නේ රැවුලත්, කැදත් දෙකම බේරා ගන්න. ඒත් එයා දන්නවා එයා පියවර ගන්න ප්‍රමාද වුණා කියල. ඉතිං ලක්ශ ගානක් ජීවිත වලට ඒ වරදට වන්දි ගෙවන්න වෙනවා. ඒ ඉතිං ලංකාවෙ ජනාධිපතිතුමාගෙ වැඩ පිලිවෙල පූජනීයයි. ඒත් තවමත් බොහොමයක් රටේ මිනිස්සුන්ට මේ වසංගතේ රගේ තේරෙන්නෙ නෑ.

:       1       14

athuraThursday, 09 April 2020 05:43 AM

මොනවා කොරත් පූජනියයි නොකිය කොහොමද බලයට ගෙන්න කඩේ ගිය යාමේ හැටියට.

:       0       2

Kumar Thursday, 09 April 2020 03:00 AM

ඊයෙටත් වැඩි මරණ ගණනක් අද සිදුවුණා. නමුත් රෝහල්වලට ඇතුල් කරන ලෙඩුන් ගණන පසුගිය දින තුනේ අඩු වෙමින් පවතිනවා. කවුරුවත් කතා නොකරන්නේ සුවය ලැබූ අය ගැනයි. දැනට 20,000 කට වැඩි ගණනක් සුවපත්වී නිවෙස්කරා ගොස් ඇත. මේ වෛරසය ගැන මෙරට බුද්ධි අංශය ට්‍රුම්ප්ට දැනුම් දුන්නේ නොවැම්බර් මාසයෙලු.

:       0       2

thush Thursday, 09 April 2020 03:56 AM

නමුත් රෝහල්වලට ඇතුල් කරන ලෙඩුන් ගණන පසුගිය දින තුනේ අඩු වෙමින් පවතිනවා. ඔව් ඔවුන්ට අවශ්‍ය කාලයට ගොඩ ඒමේ ක්‍රමය සාර්ථක ලෙස දේශපාලුවන් කරන බව පෙනෙනවා. මරණ ගණන ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site