IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනය පසුකරයි

ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන චීනයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන ඉක්මවා ගොස් ඇත.

ඊයේ (31) රාත්‍රී 11 පමණ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 3,305ක් විය.
කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 200,000කට ආසන්න පිරිසක් මිය යෑමේ අවදානමක් ද මේ වනවිට ඇති වී තිබේ.

ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් පමණක් නොව ආර්ථික අර්බුදයක් ද නිර්මාණය කර ඇති නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි.

කෙසේ නමුත් මේ වනවිට කොවිඩ්-19 යනුවෙන් නම් කර ඇති කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 11,000 ඉක්මවයි.

දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයටයි. ඉතාලියෙන් හා ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 20,000 ඉක්මවා ගොස් ඇත.


ද නිව්යෝක් ටයිම්ස් සහ ඒ.එෆ්.පී ඇසුරිනි


055



අදහස් (4)

ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනය පසුකරයි

රවින් Wednesday, 01 April 2020 09:08 AM

කොහොමත් ඉතින් ඇමරිකාව පුරසාරම් දොඩන්නේ ලෝකේ සිද්ධවෙන හැමදෙයින්ම ඒ ගොල්ලෝ තමා මුලටම කියලා නේද? මෙතනත් ඒ ගොල්ලෝ මුලටම. තවත් ප්‍රවුර්තියක් දැක්කා රටේ ප්‍රධාන පුරවැසියා කියනවා මරණ සංඛ්‍යාව ලක්ෂයකින් (100,000) නැවතුනත් ඉතාමත් හොඳයි කියලා. දැනට දෙන්නෙක් මියපරලොව ගිහින් අපේරටේ සැවොම දුකින් පසුවෙන්නේ. ලක්ෂයක් කියන්නේ කජු ඇට කොස් ඇට හෝ වැලි කැට නොවේ , මිනිස් ජිවිත. ඉතින් අපිත් එක්ක බැලුවොත් ඒ ගොල්ලෝ ඉන්නේ කොහෙද? කොහොමත් ශිෂ්ඨ සම්පන්න ලාංකියන් හැටියට අපි ඒ ගොල්ලන්ට නිවන් පතමු, ස්වර්ගයේ දොර විවුර්ත වෙවායි පතමු, තම තමන් අදහන දේව දේවතාවුන්ගේ පිහිට ලැබෙන්නයි පතමු.

:       7       12

Devinda Uduwara Wednesday, 01 April 2020 10:48 AM

චීන සංඛ්‍යාලේඛන සැක සහිත බව පෙනේ.

:       2       1

Chathuri Wednesday, 01 April 2020 11:22 AM

ඔය වගේ කට්ටියට තමයි මේ කොරෝන රෝගය එවල තියෙන්නේ. තමන්ගේ වයස අනුව මෙපමණ කල් ජිවත් වුනේ ඇමරිකාවේ දුන්න ආධාර නිසා. නැතිනම් මග යන්න පනත් නැහැ. දැන් බලන්න. ඉදිරියට වෙන දේ බලන්න. ලංකාව දුක් විදින හැටි බලගතු රටවල් කඩ වැටෙන්නේ. ජනතාවට සැප සම්පත් දෙන්න ගිහින් ලංකාව කඩන වැටෙන්නේ නායකයෝ හොරා කන නිසා. ඔය. රටවල් වල පාලනය කරන හැටි ඉගෙන ගන්න. අද ඔය ඇමරිකාවේ හිටියනම්. මෙහෙම කියයිද ඉස්සර මල් වට්ටිය අතේ තියන් හිටපු අයත් ස්වර්ගය ගැන කතා කරන්නේ. දෙවියන්වහන්සේ උස මිටි පොහොසත් වර්ග බෙදා කරන උන්ට දුන්න දඩුවමක්. අහංකාර කතා. නොකිය පරිස්සමින් ඉන්න. ඇමරිකාව වැටුනොත් දුප්පත් අපිට හොම්බෙන් යන්න වෙන්නේ...

:       0       1

SamanWednesday, 01 April 2020 12:25 PM

රට මුහුණදීලා තියෙන අසීරු අවස්ථාවෙත් දේශපාලනය කරට ගත් තවලම් කාරයන් ඉන්නවා. කොරෝනාවට වඩා රටට අහිතකරයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31160 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13297 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 889 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site