IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ට කොරෝනා

ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් මහතාගේ ඉහළ පෙළේ සහායකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන කැටී මිලර්ට ය.

ධවල මන්දිර කාර්යමණ්ඩලයේ තවත් සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණ හේතුවෙන් මේ බව අනාවරණය කරගෙන තිබේ.

ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා ඇතුළු ධවල මන්දිර කාර්යමණ්ඩලය දිනපතා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවත් ට්‍රම්ප් සහ පෙන්ස් දෙදෙනා ආරක්ෂා කිරීම සඳහා සෑම පූර්වෝපායක්ම ගන්නා බවත් ධවල මන්දිරය පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ මේ වනවිට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 76 000 ඉක්මවා ඇති අතර තහවුරු කරගත් රෝගීන් සංඛ්‍යාව 1 322 163ක් පමණ වේ. 

නමුත් ඇමරිකාවේ ප්‍රාන්ත නැවත විවෘත කිරීමට පටන් ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ධවල මන්දිරය තුළ වයිරසය ව්‍යාප්ත වීමේ හැකියාව සම්බන්දව විමසූ විට ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ කළ හැකි එකම දෙය වන්නේ උපරිමයෙන් පූර්ව ආරක්ෂාව සලසා ගැනීම පමණක් බවයි.

මීට පෙර ට්‍රම්ප් මහතාගේ ආහාර අංශයේ කටයුතු කරන නාවුක හමුදා සාමාජිකයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු විය.

ඇමරිකාවේ දිනකට කොරෝනා වයිරස පරීක්ෂණ 248 000ක් පමණ සිදුකරන අතර මේ වනවිට පුද්ගලයින් මිලියන 8.1ක් පමණ පරීක්ෂා කර ඇතැයි සඳහන් වේ.

කෙසේ වුවද ට්‍රම්ප් මහතා පවසන්නේ පරීක්ෂණ කිරීම එකම විසඳුම නොවන බවයි.


(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (2)

ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ට කොරෝනා

රවින් Saturday, 09 May 2020 09:42 AM

ආ !! කියන්න අමතක වුනානේ. දැනට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් හොයාගෙන තියනවා කියලා ආරංචියි කොරෝනා ප්‍රභේද 200 ක් . කොහොම උනත් ඔය ලොක්කන්ට තියන කොරෝනා සුව වෙනකන් ලෝකෙන් කොරෝනා තුරන් කරන්න අමාරුවෙයි.

:       0       0

Prabha Saturday, 09 May 2020 10:49 PM

ඕකට තමා කියන්නේ පැණි වරකා ගහටත් හෙණ ගහනවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site