IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වයිරසය මැඬලීමේ උපකරණ

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීමක් ලෙස කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියට ප්‍රදානයක් කළේය.
 
ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය එම පරිත්‍යාගය කළ අතර ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය වෙනුවෙන් එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා එම උපකරණ ආදිය ඇතුළත් පරිත්‍යාගය භාරගත්තේය.
 
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එම පරිත්‍යාගය කරන ලදි.
 
ඩියුපොන්ට් ටයිවෙක් ඕවරෝල් ඇඳුම්, නයිට්‍රයිල් අත්වැසුම්, බර වැඩවලදී යොදාගත හැකි අත්වැසුම්, බූට් ආවරණ සහ පිරිසුදුකාරක තොගයක් එම පරිත්‍යාගයට ඇතුළත් විය.
 
ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලයේ ආරක්ෂාවට සහ ඔවුන් වයිරසය වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගවලට එම උපකරණ යනාදිය භාවිත කෙරෙනු ඇත. 
 
055



අදහස් (8)

ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වයිරසය මැඬලීමේ උපකරණ

kamal Wednesday, 18 March 2020 03:09 AM

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම වේ පිහිට...

:       0       2

Perera Wednesday, 18 March 2020 03:31 AM

මේවා මේ ඇමෙරිකාවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ. අපේ රණවිරුවන් දඩයම් කරනවා. හමුදාපතිට විසා දෙන්නෙත් නැහැ. එපා මේවා ගන්න.

:       1       1

Dr. Vajira Fernando Wednesday, 18 March 2020 03:38 AM

ඇමෙරිකාව තමයි මේ වෛරසය නිර්මාණය කරලා ලෝකේ පුරා ව්‍යාප්ත කරේ. දැන් ඔවුන් හදලා තියෙන එන්නත විශාල මිලකට වෙළදපොලට නිකුත් කරන්න ලැස්ති. මේක මානව වර්ගයාට එරෙහිව කළ තුච්ච ක්‍රියාවක්.

:       5       36

athuraWednesday, 18 March 2020 08:56 AM

ඔවුන්ගේ රටේ ප්‍රාන්ත පනහටමත් ඔවුන්ම බෝ කරගන්න ඇති...

:       0       1

ArisWednesday, 18 March 2020 10:38 AM

වයිරසයෙන් දැඩි බලපෑමක් ඇති වෙච්ච යුරෝපාරටවලින් මේ වගේ පදනමක් නැති කතා ඇහෙන්නේ නැහැ...

:       0       1

ass charya Wednesday, 18 March 2020 03:46 AM

අධි රාජ්‍ය වාදීන්ගේ උදවු අපිට එපා. රාජපක්ෂ ආණ්ඩුවක් නැතුව වෙන ආණ්ඩුවක් තිබුන නම්.

:       0       3

ඉන්දික Wednesday, 18 March 2020 05:02 AM

තෑන්ක්ස්. හැබැයි ගිවිසුම් නම් අත්සන් කරන්න බැහැ. අනික මේ ටික ගන්න යවන්න තිබ්බේ හමුදාපති ශවෙන්ද්‍ර මහත්තයව.

:       0       13

Raveendra Wednesday, 18 March 2020 11:14 AM

මේ ඇම්ඩන්ලා සත්භාවයෙන් රටකට උදව් කරත් ලෝකයේ වඩාත් වැදගත් රටවල්වලට එමරටවල පුරවැසියනේ, මෙම ඇම්ඩන්ලා දෙස සැකයෙන් බැලීම සක්කරයාටවත් වැළැක්විය නොහැකිය. ඒ තරමට මේ කෛරාටික පිරිසක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 808 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 932 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site