(එෆ්.අස්ලම්)
යාපනය දිස්ත්‍රික්කය සඳහා දින 20 කට අධික කාලයක් පනවා තිබූ ඇදිරි නීතිය අනාරක්ෂිත අන්දමින් ඉවත් කිරීම පියවර ගෙන ඇත්තේ උතුරු පළාතේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට පටහැනිව බව රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයෙ යාපනය ශාඛාවේ සම්බන්ධීකාරක වෛද්‍ය ටී.දාණ්ඩීපන් මහතා පැවසීය.
එම දිස්ත්‍රික්කය සඳහා ඉවත් කළ ඇදිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කරන ලෙසද එම සංගමයේ යාපනය ශාඛාව රජයෙන් ඉල්ලා සිටීයි.
වෛද්‍ය දාණ්ටීපන් මහතා විසින් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය මාර්ගයෙන් රජය වෙත අද (19) මෙම ඉල්ලීම යොමුකර තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය දාණ්ඩීපන් මහතා මෙසේද කීය.
‘‘කොවිඩ් 19 වසංගතය පැතිරීමේ ඉහළ අවදානමක්ව පැවති යාපනය දිස්ත්‍රිකයට සෙසු අවදානම් නොවන දිස්ත්‍රික් සඳහා මෙන්ම 20 වනදා පෙරවරු 5.00 සිට රාත්‍රී 8.00 තෙක් ඇදිරි නීතිය ඉවත් කිරීමට තීරණය කර ඇතැයි දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ යාපනය ශාඛාව ඇතුළු ශාඛාවල වෛද්‍යවරුන් අද (19) උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හමුවී සාකච්ඡා කළා.
මේ සාකච්ඡාවේදී යාපනය දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය ඉවත් කිරීමේ තීරණය උතුරු පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ මතයන් හා අදහස්වලට පටහැනිව ගෙන තිබෙන බවට අවබෝධ කරගත හැකිවුණා.
ස්විස් දේවගැතිවරයාගේ දේව මෙහෙයට සහභාගී වූවන් අතරින් හමුදාව විසින් නීරෝධායනයට යොමුකළ පිරිසෙන් අතරින්16 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා.
දේවගැතිවරයා සමඟ සම්බන්ධ වූ 329 දෙනකු අතරින් 80 දෙනෙකුත් යාපනය දිස්ත්‍රික්කයට විදෙස්ගතව පැමිණි 1200ක පමණ පිරිසකුත් නිවෙස්වල තවමත් ස්වයං නිරෝධායනය සඳහා ලක්කර තිබෙනවා.
ඒ අය මෙතෙක් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කර නැහැ.එම තත්වය මත ලබන අප්‍රේල් 27 තෙක් ඇදිරි නීතිය ඉවත් නොකරන ලෙසට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිර්දේශ කරල තියෙනවා.
මේ කාල සීමාව තුළ පරීක්ෂණ සිදුකරල තමයි කොවිඩ් ආසාදිතයින් පිළිබඳ නිශ්චිත නිගමනයකට පැමිණිය හැකිවෙන්නේ පසුවයි කොවිඩ් උවදුර පිළිබඳ යාපනය දිස්ත්‍රික්කයේ තත්වය ප්‍රකාශ කළ හැකිවන්නේ.
එමෙන්ම ඇදිරි නීතිය මෙවන් තත්වයකදී ඉවත් කිරීම ගැන රජය නැවත අවදානය යොමු කළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටීයි.
COMMENTS
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කොන්ද පන තියෙන නිලධාරීනුත් ඉන්නවා...
බුද්ධිමත් තීරණයක්..., සාම්පල් ටෙස්ට් කරල විකාර කියල තමන්ම චූන් වෙලා චන්ද උණ ඉහට ගහල ආයෙමත් මුලටම යන්නද හදන්නෙ?
විටින් විට නොසැලකිළිමත් ලෙස වෙනස් කරමින් (සංශෝධනය) පවත්වාගෙන එන අඩුපාඩු සහිත ව්‍යවස්ථාව ආරක්‍ෂා කරනවා ද ? වසංගත තත්ත්වයෙන් ජනතාව බේරා ගන්නවාද ? යන්න ආණ්ඩුව/ජනපති තීරණය කළ යුතුයි. තවද මේ අවස්ථාවේ පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවීම යනු කිසිසේත් රටට යහපතක් නොවන මෙන්ම රටේ අති බහුතරය අපේක්‍ෂා නොකරන ක්‍රියාවක් වන අතර එමඟින් දැනට පවත්වා ගෙන යනු ලබන ක්‍රියාවන් ද කඩාකප්ල් වීමට බොහෝ දුරට ඉඩ ඇත. ව්‍යවස්ථාවේ කුමන අපැහැදිලි කම් තිබුණ ද (නිස්චිත පැහැදිලි කිරීම් නොතිබුණත්), මේ අවස්ථාවේ ජනපති ප්‍රමුඛ ආණ්ඩුව/ මැතිවරණ කොමිසම / විපක්‍ෂය එක්ව තීරණයක් ගෙන මැතිවරණය මාස 02-03 කට කල් දමා (අවශ්‍ය වුවහොත් නැවත ඒ මොහොතේ දී සලකා බැලිය හැක) වසංගත මර්ධනයට උපරිම බලය ලබා දිය යුතුය.
අවසාන තත්වයකට යාමට ඉඩ අහුරන එක හොදයි වෛද්‍යවරුන්ගේ තීරණය බුද්ධිමත් එකක්
යාපනයේ ඇදිරි නීතිය ඉවත් නොකරන්න!!
නිරෝධායන මධ්‍යස්ථාන මෙහෙ එපා කියල දැන් ඇදිරි නීතිය ඉල්ලනවා. අපිට හිනා.
ඇයි වැඩ නොකර ඉන්නද ඕන, ඉස්පිරිතාල වල මොන විකාරයක්ද ක්ලිනික් නැහැ, සැත්කම් නැහැ. කොටින්ම කිවොත් කොරෝනා විතරයි. ලෙඩෙක් එනකොට දුවනවා, බොහොම අමාරුවෙන් නීති ටිකකට යට වෙලා තියන හින්දා හොඳයි. ඇත්තටම කොරෝනා ඉවර කලේ එළියේ මොවුන් කරපු දේවල් හොඳ නිසා.