IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇඳිරිය කැඩූ 620 ක් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ


ඉරිදා(17) උදෑසන හයෙන් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් (620)ක් අත්අඩංගුවට ගෙන වාහන (274)ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එසේම, කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මාර්තු මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු ඉරිදා(17) උදෑසන 6.00 දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව පනස් හය දහස් තුන්සිය විසිහය(56326)ක් බවත්, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව පහළොස්දහස්  හාරසිය අනූව(15490)ක් බවත් පොලිස් මාධ්‍ය ‍කොට්ඨාශය පවසා සිටී.

තවද ඉකුත් මාර්තු 18 දින සිට ඉරිදා(17) උදෑසන 6 දක්වා ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමට අදාල නඩුපැවරීම් හා දඩුවම් පැමිණවීම් සම්බන්ධව නඩු පැවරූ සංඛ්‍යාව දහතුන්දහස් පන්සිය පනස් හය(13556)ක් වන බවත්,   නඩු පැවරීම් වලට  අදාළව දඩුවම් නියම කරනලද සංඛ්‍යාව පන්දහස් දෙසිය විසිඑක(5221)ක් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.



අදහස් (0)

ඇඳිරිය කැඩූ 620 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 210 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 968 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site