(ලසන්ත නිරෝෂණ පෙරේරා)
ඇදිරි නිතිය ඉවත් කළ පසු ත්‍රීරෝද රථයක් පදවාගෙන නගරයට පැමිණි පුද්ගයකු බස් රථයක් ගැටීමෙන් සිදු වු අනතුරකින් මිය ගිය බව පොලිසිය පවසයි.
කොළඹ ඇඹිලිපිටිය මාර්ගයේ කහවත්ත පනාවැන්නේ දි මෙම අනතුර සිදුව තිබේ.
ඉන්ධන නොමැති විමෙන් හදිසියේම මාර්ගයේ නතරවු තවත් ත්‍රීරෝද රථයක ඉස්සර කර යාමේදී ඉදිරියට පැමිණි රත්නපුර සිට ඇඹිලිපිටිය දක්වා ගමන් කරන පුද්ගලික බස් රථයක මෙම ත්‍රීරෝද රථයේ ගැටි ඇතැයි කහවත්ත පොලිසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි මාරවිරගේ පේමරතන නම් ඕපනායක අකරැල්ලේ පදිංචි පුද්ගලයෙකි.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.