හේමලතා ඩී හේවගේ
දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ දංකොටුව - මෝරුක්කුලිය ප‍්‍රදේශයේ අපෝස්තලික දේවසභාවට අයත් දේවස්ථානයක අද (04) දහවල් දේවමෙහෙයක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි.
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ දංකොටුව පොලීසිය එක්ව සිදුකළ මෙම වැටලීමේදී සෞඛ්‍ය අංශ සහ පොලීසිය විසින් ලබාදීඇති උපදෙස් උල්ලංඝනය කරමින් මෙම පිරිස දේවමෙහෙය පවත්වමින් සිටි බවද දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් අය මෝරුක්කුලිය ප‍්‍රදේශයේම පදංචි එකම පවුලේ ඥාතීහු පිරිසක් වෙති.
අත් අඩංගුවට ගත් පිරිස මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



COMMENTS
ඉස්ස ඉස්සේල්ලාම ඔය දේවගැතිවරයා දෙයියන්වහන්සේ ළඟටම යවන්න. "සාමදනයන් සැතපේවා". ලෝකයා මෙම අවස්ථාවේදී මුහුණදෙන ව්‍යසනය ඉදිරියේ මෙම පුද්ගලයා කරනුයේ සැහෙන ගණනකට " සාමදානයෙන් සැතපෙන්න " පාර කපන එක. අර පිලිපීන ජනාධිපතිතුමාගේ ක්‍රමවේදය තමා වඩාත් සුදුසු. මානව හිතවාදී සියලු ආගමික නායකයින් හා ඔවුනොවුන්ගේ පණිවිඩය මෙලොව සැමට බෙදාදෙන මනවහිතවාදින් අනුගමනය කරන පිළිවෙතින් බැහැරව තමන්ගේම මානසික ව්‍යාකූලතාවයෙන් පෙලෙන මෙවැනි අය ලෝකයට බරකි.
මොලේ හෝදන්න ඕනෑ මුලින්ම ...
සිද්ධිය ඇත්ත නම් දෙවියෝ සිහි කරකර ඉන්න අනිවාර්යයෙන්ම අවුරුද්දකටවත් හිරේ අරින්න. බොරුවට ඇප දීල නිදහස් කරලා නඩුව ඇදගෙන යන්න එපා.... මේ අවස්ථාවේදීම දඩුවම් කලොත් ඉදිරි සති කිහිපය තුල අනිත් පුද්ගලයනුත් මෙවැනි වැරදි කරන එකක් නැහැ . නැතිනම් ඇදිරිනීතිය දමාගෙන අපි ගෙවල් වලට වෙලා දුක් විඳින එකේ තේරුමක් නැති වෙනවා , මෙවැනි හරක් වැඩ නිසා කොරෝන පැතිරීම නතර කරගන්න බැරි වුනොත්.... මුළු රටවැසියන් සියලුදෙනාටම තව මසකිහිපයක් නිවාස අඩස්සියේ ඉන්න සිදුවෙනවා මෙවැනි අය නිසා...
අතිගරු මැල්කම් කාදිනල් වහන්සේගෙන් අවසරයි. අප ආගම් බෙදා ඇතිකරන අදහස් ප්‍රකාශ කරනවා නොව... මෙම අවදානම් අවස්ථාවේ ඔබ වහන්සේද උපදෙස් දී තිබියදීත් මෙසේ වෛරසය පැතිරවීමට කටයුතු කල ඒ "පිරිසගේ " ක්‍රියාව ඔබ වහන්සේ අනුමත කරන්නේද? අනෙකුත් අහිංසක මහජනතාවගේ ජිවිතවලට අනියම් ලෙස මරණ තර්ජන එල්ල කල මෙවන් අයට මෙරටේ සිටීමට තවදුරටත් අයිතියක් තිබේද?
ඉස්සෙල්ල මහමදිකයෝ ... මේ පාර ක්‍රිස්තු භක්තිකයෝ. මේක විගඩමක් කියල හිතනවා ඇති. පාප් වහන්සේටවත් ඉතාලිය ගොඩදමගන්න බැරිව තිබෙත්දී මේ අයව බේරාගන්නද? නැතිනම් රටම අමාරුවේ දමන්නද හදන්නේ?
පව් දුප්පත් හාදයෝ, දෙය්යෝ සියල්ල දෙන, සියල්ල ගන්න පොර නිසා ඌගෙන් අනුකම්පාව යදිනවා වෙන්න ඇති, අපි වගේ මිත්‍යා දෘෂ්ඨිකයෝ දැක්කම දෙයියෝ කෝප වෙලා ශාප කරාවිද? තොලොන්ජි වෙලා පල කියල, බයේ බෑ.
දෙවියන් වහන්සේ සියල්ලම ඔය කරලා තියෙන්නේ ...
අධිකරණයට ඉදිරිපත් කරලා තීන්දු දෙන කොට කෝච්චිය ගොහිං හමාරයි.... ඉන්දියාවෙ වගේ හරි නොගියෝතින් පිලිපීනෙ බෙහෙත් දෙන එක ඇරුනාම වෙනත් විසදුම් හොයන්ට ගියෝතින් කොරෝනා නෝනා මුලු රටම බිලි අරගෙන..
මුන්ට පිස්සු...
දෙයියෝ සිහිවෙන්නටම දඩුවම් කළ යුතුයි.
මේ වගේ මෝඩයෝ. හිතාගෙන ඇති දේව බලෙන් කොරෝනා වලින් බේරෙන්ඩ පුලුවන් කියලා.
මේවට දෙන්න ඕන පිලිපීන බෙහෙත්..
පුත්තලම් බූරුවන්ද?
මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ දේව රාජ්ජයේ අගනුවර වෙච්ච වතිකානුවටත් සොබාදහමට යටවෙන්න වෙලා වසංගතයෙන් බැට කෑවනම් වෙන දේව මන්දිරවලට කවර කතාද කියලා?