රොමේෂ් මධුෂංඛ
කොරෝනා වයිරස අවදානම හේතුවෙන් දින ගනණාවක් යාපනයට නොකඩවා ඇඳිරි නීතිය පැනවීමත් උතුරේ සෙසු දිස්ත්‍රීක්කයන් වෙතට කඩින්කඩ ඇඳිරිනීතිය පැනවීමත් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන ලෙසට උතුරු පලාත් හිටපු පධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව පවසා ඇති අතර එහිදී වැඩි දුරටත් සඳහන් වන්නේ ඇඳිරිනීතිය හේතුවෙන් උතුරේ දෛනික ඉපයීම් සිදු කල බොහෝ ජනතාවක් මේ වන විට දැඩි ආර්ථික පීඩාවනට මුහුණ දී ඇති අතරම එම ජනතාවට ජීවිත්වීමට අවශ්‍ය ආහාරපානද සපයාගැනීමට නොහැකි වාතාවරණයක් එලඹී ඇති බැවින් පළමුව එම ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා ලෙසට රජයට හෝ වෙනත් සංවිධානයන්ගෙන් ඉල්ලා සිටිති.
එමෙන්ම උතුරේ ජනතාවගේ වැඩි පිරිසක් විරැකියාවෙන් පෙලෙන අතර දෛනිකව කුලීවැඩක් හෝ වෙනත් යමක් කොට ජීවත්වූ බැවින් පවතින් ඇඳිරිනීතිය හමුවේ එම ජනතාව මහත් සේ පීඩාවට පත්ව සිටින බැවින් රජයේ නිලධාරීන් හෝ ස්වේච්ඡා නිලධාරීන් අදාල පිරිස් සොයා ඔවුන්ට සහන සැලසීමේ පියවරක් ආරම්භ කරන ලෙසටද සී.වී.විග්නේශවරන් මහතා වැඩි දුරටත් ඉල්ලා ඇත.
COMMENTS
ඔයාට කියන්න විගනේ අයියේ මේ දවස්වල රටේ කොහෙත් තත්වේ ඔහොම තමයි.
ඔබතුමාලා ඉන්නකල් උතුරෙ ජනතාවට බය වෙන්න දෙයක් නැහැනේ... ජනතාව හැම කරදරයකින්ම බෙර ගන්නවනේ...
අයිසේ විගී රටක් විදිහට හිතන්න පුරුදු වෙනවා. උතුරට විතරක් නොවෙයි ලංකාවේම අසරණ මිනිසුන් ඉන්න බව තේරුම් ගන්නවා. ලෝකේ අනෙක් රටවල් හා බැලූ විට ලංකාව හොඳ ක්‍රියා මාර්ග ගෙන තියෙනවා. මිනිසුන්ගේ විනය තමයි තිබිය යුත්තේ.
ඇඳිරි නීතිය දාල දුක් විදින්නේ උතුරේ මිනිස්සු විතරද? මෙතනදීත් ජාති වාදය... උතුරට යන ඔක්කොම මාර්ග වහල දාලා ඒ පැත්තේ ඇඳිරි නීතිය ඉවත් කලා නම් ඉවරයි. එතකොට තව සුමානෙකින් බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා .
සැරයන් සුනිල් රත්නායකට නිදහස ලබා දීම දෙමළ ජාතික සන්ධානයේ විරෝධය - උදව් ඉල්ලන්නේ අපෙන්...
සිංහල රජයක් එපා කියල නේද ලොක්ක කලින් කිව්වේ?
මෙහි අරුත වෙන එකක්. මෙයාට තියෙන්නේ එක මොලයක් නොවෙයි. කැමති කෙනෙක් චෙක් කරලා බලන්න.
මේ වෙලාවෙත් ජාතිවාදය අනුව කතාකරන්න එපා. දකුණටත් එහෙමයි මේ වෙලාවේ ඔයාලගේ ඩයස්පොරාවටයි කියල ආධාර ටිකක් ගන්න් මුළු ලංකාවටම.
අපි හැමෝටම ඔය ප්රශ්නය තියෙනවා. කිසිම රටක් ආණ්ඩුවක් බලාපොරොත්තු නොවුණු ප්‍රශ්නයක් මේ. ඒ නිසා සල්ලි තිබෙන ඔබලා වගේ දේශපාලකයන් තමන්ගේ මුදල්වලින් මුල් දින කීපයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග එක්වී දුප්පත් පවුල් (නිකම් දෙන්න) සහ සල්ලි තිබුනත් බැංකුවලට යන්න බැරි අයට (ණයටවත් දෙන්න) ටිකක් උද් කරන්න. අපේ පැතිවල එහෙම කරනවා රජයේ මුදල් පාස්වෙලා එනකම්.
ඇඳිරිනීතිය විතරක් ඉවත් කරල දිස්ත්‍රික්කයෙන් එලියට යනඑක වලක්වමු.. ඔච්චර කල් කියපු එකේ අපේ හමුදා කොල්ලො ටිකත් ඉවත්කර ගමු.. එතකොට දෙකෙන් එකක් වෙයිනෙ..
මේක උතුරට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. රටේ අනෙක් ප්‍රදේශ වලත් තියෙන පොදු ප්‍රශ්නයක්. රජයත් හැකි උපරිමයෙන් සහන සලසනවා. ඒ වගේම ස්වේච්චා සංවිධාන, දානපතින්, ආගමික නායකයින් සහ තව බොහෝ අය මේ වෙලාවෙ අසරන වූ ජනතාවට සහන සලසනවා ඉතා ප්‍රසoශනීයයි. ඒත් දෙමල නායකයින් කරන්නෙ මොකක්ද?. තමන්ගෙ සහෝදර ජනතාවට බත් පැකට් එකක් තරම් ප්රදානය කරනවාද? දෙමල ඩයස්පෝරාවට පුලුවන් උතුරට ආධාර එවන්න. ඒත් ඔවුන් එහෙම කරන්නෙ නෑ. හැබැයි ඒ වෙනුවට ඔවුන් ඉන්දියාවට පැමිණිලි කරයි අපේ රජයට විරුද්ධව, දෙමල ජනතාව බඩගින්නෙ තියලා කියලා.
මේ මෑන්ස් ඉන්නේ මේ ලෝකෙද? නැතිනම් පිටසක්වලද? මොලේ කොරෝනා වගේ. තට්ට ගෙඩියට සවිවෙලා තියෙන ඇස් දෙකෙන් රටරටවල තියන සන්නිවේදන උපකරණවලින් බලන්න කියන්න ලෝකේ අනිකුත් රටවල් දිහා. කට මෑත දොඩවන්න ඉස්සෙල්ලා මොලේ උඩින් නැගිටින්න කියන්න. ලෝකෙටම ඇතිවෙලා තිබෙන වාතාවරණය නොදැැක්කා වගේ මෙයාට විතරක් වෙනමම ලෝකයක් පෙනෙන හැටි.
"උතුරේ ජනතාවගේ වැඩි පිරිසක් විරැකියාවෙන් පෙලෙන අතර දෛනිකව කුලීවැඩක් හෝ වෙනත් යමක් කොට ජීවත්වූ ..." මේක කියන්න වෙන්නේ ෑ නේද ඔබතුමාගේ පාලන කාලේ ඩයස් පෝරාවෙන් ආධාර අරගෙන උතුරේ කර්මාන්ත ඇති කානම්? ඒ කාලේ බොරුවට වෙනම රටක් ඕන කියල නටලා දැන් ඒ මිනිස්සුන්ට වෙන ජීවත්වෙන්න දෙයක්වත් නෑ.
විග්නේෂ්වරන් මහත්තයෝ, ඇදිරිනිතියෙන් පීඩා විඳින්නේ තමුන්නාන්සෙගේ පළාතේ ජීවත් වෙන මිනිස්සු විතරක් නෙමෙයි. මුලු ලංකාවේම මිනිස්සුන්ට ඔය ප්රශ්නය තියෙනවා.
ඔව් ඔව්. දැන්ද ඇහැරුනේ ? අපේ හමුදාවෙ අය දැනටමත් සේවය සලසනා. සේරම උදව් අරගත්තට පස්සෙ මානව හිමිකම් ගිහින් නඩු දානව අරක කරා මේක කරා කියා. එච්චරනෙ පුළුවන්. අඩු ගා් එක මනුස්සයෙක් ගාවට ගිහින් තියෙන ප්‍රශ්න හොයල බැලුවද ?
කොහොමත් මේ තමන්ගේ කියල පට්ටියක් බෙදාගන්නමනේ බලන්නේ. මුල අමතක ජාතිද්‍රෝහීන්ට මෙම බිමේ ජීවත්වීමේ කිසිදු අයිතියක් නැති බව අප ප්‍රසිද්ධියේ සදහන් කරන්නෙමු.. මිනිස්සු කුලප්පු කරමින් චන්ද ගොඩ වැඩිකරගන්න බැලුවා...
උතුරට විතරක් බලපාන දෙයක් නෙවෙයි මෙ තත්වය... උතුර ගැන විතරක් හිතලා කතා කරන එක ගැන ලැජ්ජා තියෙනවා නම් ලැජ්ජා වෙන්න ඔනෙ මෙ වගේ වෙලාවක...
බොරදියේ මාලු බාන්න හදන මෙ වගේ දේශපාලුවන් ලංකා භූමියෙන් ඉවත් කළ යුතුය. ඊට කාලය පැමිණ තිබෙ...
ලංකාවේම ඉන්න සියලු දෙනා ගැන බලනවා. කලබල නොවී ඉන්න. උතුරට කියල විශේෂයක් කරන්න බැහැ. හැමෝටම එකයි. අනික මේ වගේ වෙලාවට තමා අපිව ඕන. අනේ මීහරකෝ තියෙන දෙයක් කාා වෙන දෙයක් බලාගෙන ඉන්න. ලංකාවේ අනික් පළාත් වලත් ඔයිට වඩා ප්‍රශ්න තියෙන තැන් තියෙනවා. අපි ඉවසගෙන ඉන්නේ මේකෙන් ගොඩ එන්න ඕන නිසා. බක පණ්ඩිත ටෝක් නොදා ඉන්න මේ වෙලාවේ.
ජාතිවාදී දේශපාලුවන් ලංකා භූමියෙන් තුරන් කිරීමට කාලය පැමිණ ඇත.
Sam බොහොම හරි, නියම පිළිතුර ඔබ දීලා තියෙන්නේ.
ඔයා මොන පළාතෙද යාලුවා...? කවුද එහෙම දෙන කට්ටියත් ඉන්නවද?
අනේ විගී අංකල් බොරුවට වැඩ පෙන්නන් නැතිව කට අරින්න බැරි වෙන්න මුඛ වාඩමක් බැඳගෙන සිටියොත් නේද හොඳ? ඔහේටයි ඔහේගේ අනුගාමිකයන් ජාතිවාදීන් වුණාට රටේ අනෙක් අය එහෙම නැහැ. ශ්‍රී ලාංකිකයෝ බහුතරයක් තමන් කන බත් පත පවා අනෙකුට දෙන්න පසු බට වෙන්නේ නැහැ. යම් ආකාරයක අතපසු වීමක් වෙලා නම් කරන්න තියෙන්නේ වගකිව යුත්තන්ට දුර කථනයෙන් හෝ වෙනත් මගකින් ඒ බව දැන්වීම මිස බොරුවට උතුරේ කථාවල් නොකියා සිටීමය. එවිට කාර්යක්ෂම නිලධාරීන් ඉතාම කෙටි කාලයකින් එම ගැටළුව විසඳාවී.