(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ඇඳිරි නීතිය කාලසීමාව තුළදී කෘෂිකාර්මික කටයුතු හුදකලාව කරන ලෙස ලබාදී ඇති අවස්ථාව තවදුරටත් ලිහිල් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද(03) පැවැසීය.
ඒ අනුව, කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අවස්ථානුකූලව කටයුතු කිරීමට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දන්වා ඇති බවද ඒ මහතා කීය.
ලබා දී තිබෙන මෙම අවස්ථාව අවභාවිත නොකර කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම තීරණය හොදයි. අනවශ්‍ය ආකාරයෙන් ප‍්‍රයෝජන නොගන්න...
ගොවිතැන් වලට විතරයිද කරුණාකරලා සත්ව ගොවිපොලවල් වලට සහන දෙන්න.