(නිමන්ති රණසිංහ)
ගෝලීය වසංගතයක් වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරසය හමුවේ ඉදිරියේදී ඇතිවන ආහාර හිඟයට පිළියමක් වශයෙන් රටේ ජනතාවට රටතුළම ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ වැඩ පිළිවෙලක් ලෙසින් ‘‘සෞභාග්‍යා ගෙවත්ත’’ නමින් ගෙවතු දස ලක්ෂයක් වගාකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
ඊට සමගාමීව සමගාමීව www.saubagya.lk නමින් විශේෂිත වෙබ් අඩවියක් මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් අද (02) විවෘත කෙරිණි.
නාගරික සහ අර්ධ නාගරික ජනතාව ඇතුලූ සමස්ත ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේදී බීජ වර්ග 5 කින් යුත් බීජ පැකැට්ටුවක් සහ ඊට අවශ්‍ය උපදෙස් පත්‍රිකාවක් රුපියල් 20ක් වැනි ඉතා සහන මිලකට ලබා දෙන අතර, තවත් වර්ග 3කින් යුත් එළවලූ පැල සහිත බදුනක් රුපියල් 20 ක සහන මිලකට කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් මගින් ජනතාවට ලබාදීමට සුදානම් කර ඇතැයි ද එම අමාත්‍යාංශය සදහන් කරයි.
මෙම සියලූ විස්තර www.saubagya.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවද මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ආහාර හිඟයට ගෙවතු වගා දස ලක්ෂයක්
රට වැසියා Thursday, 02 April 2020 02:05 PM
තමන්ගේ වත්තේ ඉඩ තියෙන අයට ඉතා පහසුවෙන් මෙය සුලුවෙන් හෝ කරන්න පුලුවන්! මේ වෙලාව හැකි සැම කෙනෙක්ම මේ වැඩේ පටන් ගමු. ඉදිරියේ දි ඇති විය හැකි ඕනැම තත්වයට මුලික විසඳුම වන්නේ ආහාර හිඟය වලක්වා ගැනීමයි. ගෙදර ඉන්න නිසා මේ වැඩේට ඕනතරම් කාලය තියෙනවා.
ranaFriday, 03 April 2020 01:47 AM
වැස්ස නැහැ , ජලය සිමා කරලා, රට ගැන තියන අවබෝදය දැක්කම මේ දේ වූන එක ගැන පුදුමයක් නොවේ නේ ?
Sithum sathsara Thursday, 02 April 2020 03:20 PM
බෝග අවශ්‍යයි...
S.D වීරසිංහ Thursday, 02 April 2020 03:26 PM
ඉදිරියේ ඇති වි ඇති තත්ත්වය මත හොද වැඩසටහනක්..., මාද මේ සදහා එකතු වීමට බලාපොරොත්තු වේ. ගෙන්වා ගැනිම් කරන්නේ කෙසේද?
DuFriday, 03 April 2020 03:19 AM
මේ වෙබ් සයිට් එකට යන්න. ඔයාගේ විස්තර දුන්නම ගෙදරට එවනවා.
සුමනරත්න Thursday, 02 April 2020 03:32 PM
මට නම් මුන්ගේ බොරු ෂෝ එපා වෙලා. ගොවියෝ පොහොර බීජ ගන්න විදියක් නැතුව දස අතේ කල්පනා කරනවා. අද කොමඩු කිලෝ එක රු. 10 ටවත් දී ගන්න බැහැ. එළවලු අක්කර ගන්නන් අතැරලා දාල විකුණගන්න විදිහක් නැහැ. මිලක් නැහැ. මුන් ඉන්ටනෙට් එකෙන් බතල හිටවන්න යනවා.
Walter WhiteFriday, 03 April 2020 01:51 AM
ෂෝ එකක් වුනත් මේක අවශ්‍යතාවයක්, පොඩි වෙලාවක් අරන් හිතන්න, කොරෝනා පැත්තක තිබ්බත් දැන් මාස 4ක ඉඳල නියඟය, නොවැම්බර් වෙනකම් හොඳට වැස්ස නිසා තාම ආහාර හිඟයක් නොදැනුනත් මේ නියඟය අල්ලලා ගියොත් තව සුළු කාලයකින් එළවලු මිල දරාන්න බැරි ගානකට එනවා, රටේ ආහාර හිඟයක් එනවා, කොරෝනා ඉෆෙක්ට් එකත් මෙතනට දැම්මම තත්වය තව බැරෑරුම්, ඉතින් පොඩි ඉඩක එළවලු පැළයක් මිරිස් පැළයක් ඉන්දා ගත්තාට වැරද්දක් නැහැ.
sarath kuru Thursday, 02 April 2020 05:31 PM
දුරකථන අංකය ලබාදෙන්න...
Raveendra Thursday, 02 April 2020 06:11 PM
ඇත්තෙන්ම මෙය හොද වැඩසටහනක්. මෙගින් අපට හොදක් වෙනවා හැර නරකක් නොවෙනු ඇත.
de silva Thursday, 02 April 2020 06:15 PM
ඔය කියන දේවල් කරන්න නම් දැනට ඉන්න ගොවිජනසේවා නිලධාරියෝ ඔක්කොම ගෙදර යවල , මැලේසියාවෙන් , ඉන්දුනීසියාවෙන් , යුරෝපයෙන් කෘෂිකර්ම නිලධාරියෝ ගෙන්වන්න ඕනේ.. ජනපතිතුමාට පුරවැසියන්ට යමක් කරන්න ඕන බව පෙනෙනවා.. නමුත් රටේ ත්‍රිවිධ හමුදාව හැරුනවිට , පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ, ආගමන විගමන, මෝටර් රථවාහන, සෞඛ්‍ය, කනිජතෙල්, භූවිද්‍යා සහ පතල් කාර්යාංශය, ධිවර යන මෙකි නොකී රජයේ සියලු දෙපාර්තමේන්තු ෆේල් සහ දූෂිතයන්ගෙන් පිරි ඇති බව අනිවාර්යයෙන්ම කියන්න ඕනේ...
Kamal Koyrala Thursday, 02 April 2020 06:26 PM
කෘෂිකාර්මික රට, පෙරදිග ධාන්‍යාගාරය මේ දේශපාලුවන් විනාශ කරලා දැන් ඉන්ටර්නෙට් එකෙන් බතල හිටවන්න යනවා. පම වෙලා හරි නෙට් එකෙන් බතල හිටවන්නේ නැතුව ගොවියට පොහොර ටික දෙන්න. වගාවට මිලක් දෙන්න. මනින් මර්කෙට් හොරු පන්නන්න.
දසුන් Thursday, 02 April 2020 06:47 PM
පළමුව ඉහල තැන්වලින් පටන්ගතයුතුයි. අපි රජවරු නුඹලා ගොවියො සංකල්පය නම් හරියන්නෙ නෑ...
මුණසිංහ Friday, 03 April 2020 01:27 AM
වැඩේ ඉතා හොදයි. පහුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් මේ් වැඩේ පටන් ගෙන හොදින් ගියා. පෝරත් අඩු මිලට දුන්නා මතකයි. මෙවර කාබනික පොහොර ලබා දීමට ත් වැඩ පිලිවෙලක් සැකසුවොත් හොදයි. මමත් දැනටමත් ගෙදර පෝච්චිවල වගා කටයුතු කරනවා. නමුත් කාබනික පොහොර ලබා ගැනීමේ ගැටලුවක් තිබෙනවා.
ass charyaFriday, 03 April 2020 07:14 AM
හොදින් ගියා හොදින් ගියා සුදු හදුන් පැල කියලා වෙන මොනාද පැල වගයකුත් බෙදලා අපිටත් ඒ පැලයක් හම්බවුනා.
Nimalee Friday, 03 April 2020 03:16 AM
බෝග වර්ග ලබා දෙනවානම් අගය කරමි. කෘමි උවදුරු සහ ලෙඩරෝග සදහා උපදෙස් අවශ්‍ය වේ.
රවි ලසන්ත මනෝජ් Friday, 03 April 2020 04:42 AM
ගොඩක් හොඳ වැඩ සටහනක් ..අපිත් කැමති ඔබ සමග වැඩ කරන්න
athura Friday, 03 April 2020 04:55 AM
මට මතකයි පලවන රාජපක්ෂ පාලන කාලෙ අපි වවමු රට නගමු කියලා එකක් පටන් ගත්ත මේ වගේම ෂෝ එකක් දාලා.
monika Friday, 03 April 2020 06:03 AM
මටත් ඕන
k . nela Friday, 03 April 2020 07:03 AM
මෙක හොද වැඩසටහනක්... අපි බොග වගාවට බොහොම ලැදියි. මමත් මෙකට එකතු වීමට කැමතියි.
k . nela Friday, 03 April 2020 07:03 AM
මේක හොඳ වැඩසටහනක්. අපි බෝග වගාවට බොහොම ලැදී.
nimal kumarasingha Friday, 03 April 2020 07:05 AM
ගමටම බීජ අවශ්‍යයි.
විමුක්ති සුගන්දිකා ජොපියස් Friday, 03 April 2020 07:14 AM
මමත් වගා කරන්න කැමතියි. බීජ ලබා ගැනීමට හැකි ද? මීට අමතරව වගා මලු ලබාදීමට හැකි ද ? පොච්චි ලබා ගැනීමට හැකියාවක් නොමැත ඇදිරි නිතිය නිසා.
k.dinesh rangana Friday, 03 April 2020 07:50 AM
ගෙවතු වගාව සඳහා පැල හා බීජ ලබා දෙන්න කාරුණිකව ඉල්ලා සිටිමි.
Janaka Friday, 03 April 2020 08:29 AM
කාලෝචිත වැඩසටහනක්.
Jeewani gamage Friday, 03 April 2020 09:09 AM
කෙනෙක් කරන දේ විවෙචනය කරනවට වැඩිය හොද නැද්ද තමන්ගේ මහන්සියෙන් තමන්ට කෑමට වුවමනා එළවලු ටික හදාගන්නඑක.. ආණ්ඩුවවත්, දේශපාලකයෝවත් නෙමෙයි මෙවා කන්නෙ තමන්මයි. හැම දේටම ආණ්ඩුව පලි නැහැ. අපි වවමු. බඩත් පිරෙයි... හිතත් පිරෙයි ඒකෙන්...
ධනුෂ්ක Friday, 03 April 2020 02:58 PM
මොනව උනත් මේ වැඩපිලිවෙල අගය කරන්න ඔනි... ඉදිරි කාලය ගැන කව්ද දන්නේ...?
Nilakshi De Alwis Friday, 03 April 2020 06:33 PM
මෙම සෞබාග්‍ය වැඩ පිළිවෙල ඉතාමත් කාලෝචිත දෙයක්... ආහාර පමණක් නොව සියලු නිෂ්පාදන ශ්‍රී ලංකා නාමය ලොව පුරා බැබලවීමට ආරම්භ කෙරීමට අවශ්‍ය පියවර ගන්න. නැගිටිමු ශ්‍රී ලංකා මේ අපේ අවසන් අවස්ථාවයි...
sasikala amarasinghe Saturday, 04 April 2020 05:27 AM
මෙම සෞබාග්‍ය වැඩ පිළිවෙල ඉතාමත් කාලෝචිත දෙයක්.මේ වැඩපිලිවෙල අගය කරන්න ඔනි...
semal pehasara Saturday, 04 April 2020 01:03 PM
අනේ දෙරනියගලටත් බිජ ගෙනත් දෙන්න...
සිතුම් සත්සර Saturday, 04 April 2020 02:15 PM
බීජ අවශ්‍යයයි.
Dilani champika Saturday, 04 April 2020 05:15 PM
කලින් ඒවා කරන්න ඔනෙවෙලා තිබුණා මල්ලි...පරක්කු වුණත් මෙ වැඩසටහන පටන් ගන්න හිතලා ලැබෙනවා නම් අපි හැමෝම මෙකත් එකතු වුණොත් ...හැමෝම වවමු. සතුටින් දිනමු.
Dilani champika Saturday, 04 April 2020 05:21 PM
රටට ඔනෙම වෙලාවක තිබුණු දෙයක්...ජනාධිපතිතුමා කරන්න පටන් ගත්ත තවත් හොද වැඩක්...අපිත් එකතු වෙමු. හැමෝම දිනමු..
wijeweera Sunday, 05 April 2020 06:02 AM
මුලින්ම මේ ගැන සුභවාදීව හිතා අදහස් දාපු අයට ස්තූතියි. අපේ රටේ ඉන්නේ බහුතරයක් ෘන ආකල්ප ඇති මිනිස්සු. මොනවා කිවත් බහුතරය ඒකට නෑ බෑ කියන උන්. දැන් ඇගිල්ල දික් කර කර ඉදලා හරියන්නේ නැ. තමන්ගේ දරු පැටව් පුල ගැන හිතා මොනවා හරි අල බතලයක් හිටව ගන්න වෙනවමයි. බීජ නැත්තම් ගෙදර මිරිස් කරලේ ඇට ටික ගන්න පුළුවන්. උයන්න ගන්න වට්ටක්කා ඇට ටික ගන්න පුළුවන්. උවමනාව තියෙනවා නම් කරන්න ඕනේ තරම් දේවල් හොයා ගන්න පුළුවන්. මම රජයේ හෙන්චයියෙක් නෙවෙයි. සතේක දෙයක් ගත්තු කෙනෙක් නෙවෙයි. ඒත් මේ වෙලාවේ හිතන්න මොකුත්ම නැත්තම් තමන්ගේ පව්ල ජිවත් කරවන විදිය. මේ දේට අපි කාටත් මුණ දෙන්න වෙනවමයි. තව මාස 4ක් 5ක් මේ විදියට ගියොත් අපි ඉන්නේ කාට හරි බැන බැන නම් වන්දි ගෙවන්න වෙන්නේ අපේ දරුවන්ටයි. ඒක තම තමන්ට බාරයි..........