(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි ආහාර හිඟයට පිළියම් වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ යාන්ත්‍රණයක් සැකසිය යුතු බව අද (01) පැවැති ගාල්ල දිස්ත්‍රික් විශේෂ කෘෂිකර්ම කමිටුවේ දී තීරණය විය.
ඉදිරියේ දී ඉන්දියාව වැනි රට වලින් ආහාර ආනයනය සීමා සහිත වන බැවින් රට තුළ ආහාර සංචිත ඉහළ අගයක පවත්වාගෙන යෑම වැදගත් වන බව ද ඒ සඳහා අවශ්‍ය කඩිනම් පිළියම් යෙදිය යුතු බව ද මෙම කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සාකච්ඡා විය.
මෙහි දී දිස්ත්‍රික්කයේ පවතින පුරන් කුඹුරු අඳුනා ගැනීම එම පුරන් කුඹුරු වල වගා කළ හැකි අතිරේක බෝග හදුනා ගැනීම ප්‍රධාන ඉලක්කයක් බව ද දිස්ත්‍රික් ලේකම් වරයා පැවසීය.
ඉදිරි දින 30 තුලදී මෙම වගා කටයුතු ආරම්භ කළ යුතු බව ද කී දිස්ත්‍රික් ලේකම්වරයා දිස්ත්‍රික්කයේ මේ මොහොතේ ආහාර අවශ්‍යතාව සහ නිෂ්පාදන පරතරය ගණනය කිරීම සිදු කළ යුතු බව ද පැවසීය.
ඉදිරි මාසය තුළ දී වගා කළ හැකි බෝග වර්ග හඳුනා ගෙන ඒ අනුව වගා කටයුතු සිදු කළ යුතු බව ද අනාවරණය විය.
එම කටයුතු සඳහා පුහුණුව සහ උපදෙස් අවශ්‍ය පරිදි ලැබී තිබෙන හෙයින් විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවන බව ද වගා සංග්‍රාමය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද ලේකම්වරයා කීය.
මෙම අවස්ථාවට ගොව් ජන සේවා සහකාර කොමසාරිස් , දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ , දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
159
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම ගැන ගාල්ලේ දී සාකච්ඡාවක්
lalithm Wednesday, 01 April 2020 10:58 AM
පුරන් කුඹුරුවල වෙන දේවල් වවන්න මෙතෙක් කල් ඉඩ දුන්නේ නැහැ. වී ගොවිතැ් කරලා පලක් නැති වුනාම අපි කුඹුරුවල එළවලු වවන්න ගත්ත. තහනම් කලා. පෙත්සම් කාරයෝ හින්ද. දැන්වත් කෘෂිකරුමේ මහා මොළ කාරයින්ට වැටහුනා නම් ලොකු දෙයක්.