(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසය ආසාදිතව සිටි නාවික හමුදාවේ සාමාජිකයින් 325 දෙනකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (26) පැවසීය.
එම සාමාජිකයින් 325 දෙනා පී සී ආර් පරීක්ෂණවලට ලක්කර පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇති අතර, මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 300 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවත් යුධ හමුදාපතිවරයා කීවේය. එසේම, කොරෝනා වයිරසය ආසාධිත වූ නාවික හමුදා සාමාජිකයින් ගණන 625ක් බවද යුධ හමුදාපතිවරයා ස`දහන් කළේය.
යුධ හමුදාපතිවරයා එසේ පැවසුවේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ අද (26) සවස පැවැති මාධ්‍ය හමුවකදීය.
ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගෝල්ඞ් සෑන්ඞ් මධ්‍යස්ථානයේ 31 දෙනකු, සහ රුවල නිරෝධායන මධ්‍යස්ථානයයෙන් 06 දෙනකුද වශයෙන් නිරෝධායන මධ්‍යස්ථානවලින් 37 දෙනකු නිරෝධායන කි‍්‍රයාවලියෙන් අනතුරුව පී සී ආර් පරීක්ෂණවලට ලක්කර අද (26) සිය නිවෙස් වෙත පිටත් කර හරින ලද බවද යුධ හමුදාපතිවරයා කීය.
ඒ අනුව, අද (26) දින වන විට ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 10,832 දෙනකු නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් වී ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර ඇතැයි ද යුධ හමුදාපතිවරයා පැවසීය.
ති‍්‍රවිධ හමුදාව ම`ගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 41ක 4,12 දෙනකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් ස`දහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
225
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
973
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසාදිත නාවික හමුදා සාමාජිකයෝ 325ක් සුවය ලබති
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 03:57 PM
ශවේන්ද්‍ර සිල්වා කියන්නේ රුදුරු කොටින්ගෙන් රට බේරාගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝදාර ශ්‍රේෂ්ඨ රණ විරුවෙක්. ඒකේ කිසිම විවාදයක් නැහැ. ඒත්, නාවික හමුදාපති තුමාගේ ප්‍රකාශයක් තිබුණා නාවික හමුදාවට කොරෝනා සෑදීම තවමත් අභිරහසක් කියලා. ඒක නිකමට කළ ප්‍රකාශයක් කියලා සිතන්නට බැහැ. එයට නිසි පැහැදිළි කිරීමක් තවම ලැබුණේ නැති බවක් පෙනෙනවා. මෙය පරිපාලනයේ වරදක්ද?