( තිළිණි ද සිල්වා)
කොරෝනා වයිරසය ආසාදනය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවයේ කනිෂ්ඨ ගුවන් නියමුවා සමඟ කටයුතු කළ ගුවන් යානා කාර්යය මණ්ඩල තුනකට අයත් සාමාජිකයන් මේ වනවිට තම නිවෙස්වල ස්වයං නීරෝධායන කටයුතුවල නියැලී සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා කීය.
මෙම නියමුවා අවසන් වරට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත තම ගුවන් යානය පදවා ගෙන පැමිණ ඇති බව ද
දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
අදාළ නිලධාරියා පසුගිය සති අන්තයේදි 14 සහ 15 දෙදින සිමියුලේටර් පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු කර ඇති බවද හෙතෙම කීය .එහෙයින් එම මධ්‍යස්ථානයේ නිසි විෂබීජහරණය කරන තෙක් එම ගුවන්යානා පුහුණු මධ්‍යස්ථානයේ සිමියුලේටර් අංගනයේ සියලුම කටයුතු නවතා දැමූ බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.
එසේම මෙම තත්ත්වය හමුවේ සිය සමාගමේ ශ්‍රම බලකායේ ආරක්ෂාව සහතික කිරීමට අවශය සියලුම පූර්වාරක්ෂක කටයුතු සිදු කරන බව ගුවන් සේවා සමාගම කියා සිටී.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආසාදිත ගුවන් නියමුවා සමග සේවය කළ පිරිසක් ස්වයං නිරෝධායනයට
පිටිගල මිලානෝ Tuesday, 17 March 2020 01:43 AM
රෝයල් තෝමියන් මැච් එකට ගියේ මෙයාද? එසේ නම් වහාම එම දහස් ගණන් ජනයා දැනුවත් කරන්න.