කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 751 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද (04) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 33 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 519 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර 194 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
වරකාපොල පැත්තේ මගේ ඥාතීන් දෙන්නෙක් දැන් දවස් තුනකට ඉස්සෙල්ල නැති වුණා. මරණ වලට අපිට කොහොමත් යන්න බැරි නිසා කතා කරාම එයාලගේ ළමයි කිව්වේ ඉස්පිරිතාලෙට පොලිසියෙන් දාල ඉන්නේ බොඩි එක එයාලට දෙන්නෙත් නෑ කිව්වා කියල. පස්සේ දැනගත්තා කොරෝනා මරණයක් වගේම ඉස්පිරිතාලෙන් කෙලින්ම ආදාහනාගාරේට ගෙනිච්චා කියල. තවත් ඇහුවම තමයි whatsapp වලින් එයාල කිව්වේ නියුමෝනියාව තිබුනා, එයාල සැක කරනවා කොරෝනා කියල.... හැබැයි මම නිවුස් වල එහෙම මරණයක් ගැන ඇහුවෙත් නෑ, මේ ළඟ ඥාතීන්ව නිරෝධායනයට යොමු කරලත් නෑ. මේක නිකම්ම යට ගැහුවා වගේ.
මෙහෙම ආසාදිතයින් වැඩි වෙනවා නම් සමාජයේ සැගවුන රෝගීන් කොපමණ සිටීද? වහාම මේ ගැන සොයා බලා රෝග ව්‍යාප්තිය වැලැක්වීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතුයි නේද ?
මම ඡන්දය දුන්නෙත් සජිත්ට.? හැබැයි ගෝඨාභය වැඩක් කරන බව පේනවා. මේක වසංගතයක් වගකීම් සහගතව හැසිරෙන්න.
මට ඇත්තටම දේශපාලනය වැදගත් නෑ. මොනවා හරි කරලා කවුරු හරි මගේ රට රැක දෙනවනම් මගේ රටේ මිනිසුන්ව ආරක්ෂා කරනවානම් මන් එයාලා වෙනුවෙන් ඡන්දය දෙනවා . මොකද මට අත්දැකීම් තියෙනවා කන්න නැතුව බොන්න වතුර නැතුව රෝහලට ගියාම බෙහෙතක් දෙන්නතුව බයේ වෙවුල වෙවුල අල්ලපු ගෙවල් වල මැරෙනකොට මන් මෙහෙ ඉඳන් දුක්විඳ ඒ දුක බය හැමදාම තියෙනවා මගේ රට යන ගමන හරිද වැරදිද කියලා මට වැටහෙනවා පුදුම මෙහෙ ඉන්න මිනිසුන්ට හොඳ රාජ්‍ය සේවයක් නෑ. ඒකයි මේ රටවල් වැටුණේ. මගේ රටට තියෙද්දී අඩනවා අපිට කරන්නේ නෑ කියලා . අපේ රට දුප්පත් රටක් ඒත් යමක් කරා කියලා සතුටු වෙමු . කොරෝනා ආවේ අපිට හැදෙන්න දැන්වත් අපි හැදෙමු.