ඉන්දිකා රාමනායක
කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රතිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් ස්වයංක්‍රීය උපකරණයක් නාවික හමුදාව විසින් නිපදවා එය අද (8) නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත බාර දුන් බව නාවික හමුදාව පවසයි.
මෙම ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම්කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවු බව නාවික හමුදාව සදහන් කරයි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් මත නව නිපැයුම්කරුවන් දිරිමත් කරමින් ඔවුන් හට නව තාක්‍ෂණය සහ පහසුකම් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය හරහා ලබා දෙමින් ඔවුන්ගේ නිර්මාණ කාලානෝචිත ලෙස එලිදැක්වීම සඳහා අවස්ථාවක් ලබා දෙමින් මෙම යන්ත්‍රය නිපදවා තිබේ.
දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේඩ් උපකරණය වෛද්‍ය කාර්ය මණ්ඩලයන් හට කොරෝනා ආසාදිත රෝගීන් අසලට නොගොස් ඔවුන්ගේ රෝග ලක්‍ෂණ විනිශ්චය කිරීමට ඔවුන් සමඟ කථා කිරීමටත් රෝගීන් හට අවශ්‍ය ඖෂධ ලබා දීමටත් ඔවුන්ගේ ආහාර පාන ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකර දීමටත් හැකියාව ඇත.
වයිරසය ආසාදිත රෝගීන් මගින් වෛද්‍ය කාර්යමණ්ඩල සහ අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලය වෙත වෛරසය ආසාදනය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව මෙමගින් අවම කිරීමට හැකියාව ඇති බව නාවික හමුදාව පවසයි.
මෙම උපකරණයෙන් පහසුකම් ලබා ගැනීමට ප්‍රථම එය භාවිතා කරන්නාගේ දෑත් විෂබීජහරණය කිරීම සඳහා ස්වයංක්‍රීය දෑත් විෂබීජහරණ උපකරණයක්ද මෙම යන්ත්‍රය සතුව පවතී.



COMMENTS
මේකත් විශිෂ්ඨ නිර්මාණයක්. තුෂාරගේ නිර්මාණයට නාවුක හමුදාව හොඳ වටිනාකමක් දීල තියෙනවා. මේ වගේ "remote patient monitoring machine" එකක් මේ තරම් හුරුබුහුටි සංයුක්ත විදිහට හදන එක ලේසි වැඩක් නෙමෙයි. හුඟක් මේ වගේ උපකරණ මුලින්ම හැදෙන්නේ ටිකක් ගොරහැඩි විදිහට. ඒ අතින් බලපුවහම පලවෙනි නිර්මාණයම මේ තරම් කුඩාවට ලස්සනට නිම කරපු එකත් ලොකු දක්ෂකමක්.
විශිෂ්ටයි.. අපේ දැයේ දරුවන්ගේ හැකියාවන් ගැන ලක් මෑණියන් ආඩම්බර වෙනු ඇති. දිගින් දිගටම මොවුන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නම් මිට වඩා බොහෝ දේවල් ඔවුන් කරනු ඇති..
මොන යන්ත්‍රය තිබුනත් ලෙඩාව පෙරලන්න හරවන්න වෙන්ටිලේටර් සවිකරන්න හැක්කේ මනුෂ්‍යයෙකුට පමණයි. මෙතරම් දියුණු රටේ අසාදිත අයට සලකන්නේ මනුෂ්‍යයෝමයි. කැලිෆෝර්නියාවේ වසංගතය පාලනය කිරීමට අවශ්‍ය වුනොත් සේවයට එන්න කැමති විශ්‍රමගිය සෞඛ්‍ය සේවයේ සිටිය අයගෙන් ඇසුවිට 20,000 දෙනා නැවත සේවයට එන්න කැමැත්ත පලකරලා තිබෙනවා. මරණය දැක දැක ඉදිරිපත් වුනේ මේ අයයි.