IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආර්ථික මධ්‍යස්ථාන හෙට විවෘතයි

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට (23) අලුයම 4.00 සිට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (22) පැවසීය.


ඇදිරිනීතිය ක්‍රියාත්මක වන කාල සීමාවේදී දිවයිනේ  ඕනෑම ප්‍රදේශයක සිට ආර්ථික මධ්‍යස්ථාන සඳහා එළවළු රැගෙන ඒමටත් ආර්ථික මධ්‍යස්ථාන වල සිට එළවළු ප්‍රවාහනය කිරීමටත් පොලිස්පතිවරයා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අමාත්‍යවරයා අද පැවසීය.

ගොවීන් සතුව එළවළු තොග විශාල වශයෙන් පවතින බවත් ජනතාවගේ අවශ්‍යතායන් පිළිබඳව අවදානය යොමු කර ආර්ථික මධ්‍යස්ථාන වල කටයුතු දැඩි වගකීමකින් යුතුව පවත්වාගෙන යෑම සඳහා උපදෙස් ලබා දුන් බවත් හෙතෙම සඳහන් කළේය.

ආර්ථික මධ්‍යස්ථානවල අනවශ්‍ය ලෙස රැස්වී නොසිටින ලෙස ගොවීන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්  මුඛ ආවරණ නොමැති පිරිස් ආර්ථික මධ්‍යස්ථාන වෙත ඇතුළත් කර නොගැනීමට තීරණය කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය. 



අදහස් (0)

ආර්ථික මධ්‍යස්ථාන හෙට විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 252 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site