දැඩි විපරමෙන් සහ සෙමින් ආර්ථිකය විවෘත කිරීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍යයේ ආර්ථික සහ නිවාස කටයුතු අමාත්‍ය රොබට් ජෙනරික් අද (10) පැවැසීය.
‘ලොක්ඩවුන්’ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ආණ්ඩුවේ සැලැසුම් ඉදිරිපත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍යවරයා රූපවාහිනිය ඔස්සේ රටවැසියන් අමතමින් ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කිරීම පිළිබඳ දැනුම් දීමට නියමිතය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය ‘ලොක්ඩවුන්’ සීමා පනවා මේ වනවිට සති හතක් ගත වී ඇත. ජීවිත ආරක්ෂා කරගැනීම සඳහාත් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාත් නිවෙස්වලට වී සිටින්නැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ‘
‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ලොවපුරා අනෙක් රටවල මෙන් බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ද අකර්මන්‍ය විය.
‘‘නිවසේ සිටින්නැයි පණිවුඩය නැවත යාවත්කාලීන කරන්න වුවමනා නැහැ. අපි ඊට පුළුල් පණිවුඩයක් දෙනවා. ඒ නිසා ඉතා සෙමෙන් සහ දැඩි පරෙස්සමෙන් රට විවෘත කරන්න ඕනෑ. ආර්ථික කටයුතු නැවත ආරම්භ කරන්න ඕනෑ’’ යැයි අමාත්‍ය ජෙන්රික් ‘ස්කයි’ පුවත් සේවය පැවැසීය.
ලොක්ඩවුන් සීමා ඉවත් කළ ද කොන්දේසි සහිතව ඒවා ඉවත් කරන්නේ යැයි ජෙන්රික් කීය.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරන්න එපා. අනිල් ජාසිංහ දොස්තර මහත්මයා සහ පවිත්‍ර නෝනා යන දෙදෙනාගෙන් උපදේශ ගත්ත නම් ඔය ප්‍රශ්නේ ලේසියෙන්ම බේරගන්න පුළුවන්. ලංකාවේ මොඩ්ල් එකට මුළු රටටම ඇදිරි නිතිය දමා මාස 6 ක් විතර තියන්න. එතකොට කොරෝන නිකම්ම සුව වෙනවා.
අපේ නාකි දේශපාලකයෝ සෙට් එකක් නම් කලින් කිව්වා "ඇයි රට වැහුවේ රටේ ආර්ථිකය වැටෙනවා " කියලා. දැන් එයාලම අහනවා "ඇයි රට අරින්නේ " කියලා..