ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපාහැරීමට මෙය සුදුසු වේලාව නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පැවැසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපාහරින බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජගත් මහලේකම්වරයා කීය.
ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර තාවකාලිකව අත්හිටුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
"මෙය එකමුතුකමෙන් වැඩ කරන්න ඕනෑ කාලයක්. වයිරසය සහ එහි ප්‍රතිවිපාක නැවැත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එකට එක්ව සහයෝගයෙන් වැඩ කළ යුතුයි . අපි සහයෝගයෙන් වැඩ කරන්න ඕනෑ යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තවදුරටත් කීය.
ද ගාඩියන්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හෙළිවෙලා තියෙනවා චීනයේ සල්ලි වලට ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ගේ වගකීම හිතාමතාම අතපසු කරලා කියලා.
පිස්සොත් එක්ක වැඩකරන්න ඉතා ඉවසීමෙන් වැඩකරන්න වෙනවා
බෞද්ධයෝ හැටියට නොකිය යුතු දෙයක් වූනත්, එයා ලෝකෙට කරපු සහ කරන දේවල් තමයි මේ නැවත ලැබෙන්නේ. ඇමරිකාව කියන්නේ කවදත් පොඩි මිනිහව පාගල තලලා පෙලල තමන්ට ඕන දේ හොදින් හෝ නරකින් ගන්න රටක්. සොබාදහම මේ දෙන්නේ එයාලට කල කී දේවලට රිටර්න් එක.
චීනෙන් ඉල්ලගන්ඩ....
පිස්සෙක්.