IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අ'පුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුට-සිව් දෙනෙකුට තුවාල

(ජයන්ත සමරකෝන්, ඉන්දිකා රාමනායක, ඩයනා උදයංගනී, උපුල් හේරත් සහ අතුල බණ්ඩාර) 

අනුරාධපුර බන්ධනාගරයේ  සිදු වූ වෙඩි තැබීමෙන්  රැඳවියන් දෙදෙනෙකු  මිය ගොස් තවත් රැඳවියන් සිව් දෙනකු තුවාල ලබා තිබේ.

රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියක ඇති වු නොසන්සුතාවයේදී රැඳිවියන් කිහිප දෙනකු පළායාමට උත්සහා කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදු තිබේ.

වෙඩි තැබීමෙන් රැදවියන් පස් දෙනකු තුවාල ලැබූ අතර රෝහල් ගත කිරීමෙන් පසු ඉන්  රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් ඇත.
 
මේ වන විට සිව් දෙනකු අනුරාධපුර  රෝහලේ ප්‍රතිකාර ලබති .
 
කිසිදු අයෙකු පැන ගොස් නැති බවත් ආරක්ෂාව තර කර ඇති බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්  අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

කොරෝනා  යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් ඇතැයි පොලිසිය කියයි.

ගින්න සහ තතත්වය පාලනය සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධනාගාරය තුළට ගොස් ඇත.



අදහස් (13)

අ'පුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුට-සිව් දෙනෙකුට තුවාල

මුණසිංහ Saturday, 21 March 2020 02:51 PM

ඔතන රණ්ඩු කරා කියලා පලක් තියෙනවද? එහෙම සැකයක් තියෙනව නම් නිරෝධායනය වෙනවා මිසක්. අනෙක කොරෝනා තියෙනවද? නැත්ද කියල තවම තහවුරු වෙලත් නැහැ. ඒ ක හදුන ගන්නත් දවස් 5-6 යනවා. බන්ධනාගාරගත කරන කොටම කොරෝනා තියෙනවද කියල දන්නේ නැත්නම් මොනව කරන්නද?

:       0       71

dilan Saturday, 21 March 2020 05:55 PM

මේ අවස්ථාවේ රටේ නීතිය ඉතාම තදින් ක්‍රියා කරවිය යුතුයි. රටේ නීතිය කඩා සිරගෙදර ගාල් වුවන් සිතා සිටින්නේ ඔවුන්ට නීතියද යටවිය යුතුයි කියායි

:       58       134

Raveendra Saturday, 21 March 2020 06:17 PM

සමාජයට අහිතකර විසබීජ විනාශ කිරීම අදාළ අංශවල අවංක පුරවැසියන්ගේ වගකීමකි, යුතුකමකි. එය ඔවුන් අනාගත පරපුරට කරනා මහගු ආයෝජනයකි. එය නිසිලෙස ඔබලාට කිරීමට නොහැකිවීම පිලිබදව අප කනගාටු වන්නෙමු.

:       10       128

සේන Saturday, 21 March 2020 06:38 PM

සමාජයට වැරදි කරපු මිනිසුන්නෙ. සැරට ගහලා කිව්වේ නැත්නම් පාලනය කරගන්න බෑ.

:       2       10

sana Saturday, 21 March 2020 07:59 PM

ඇත්ත මරණ ගණන කියියද ...?

:       47       110

banda Saturday, 21 March 2020 10:28 PM

කූඩු කරලා ඉන්න නිරායුධ මිනිසුන් මරන්න එපා සර්....

:       181       306

රුවන්Sunday, 22 March 2020 08:41 AM

පවු අහින්සක බබාල ටිකක්නෙ කූඩු කරල තියන්නෙ...

:       130       107

සමන්ත Sunday, 22 March 2020 01:12 AM

සමන්ත, මේ හිරගෙදර පළමු අවස්තාව නෙමෙයිනේ.

:       125       255

තාරක Sunday, 22 March 2020 04:14 AM

මම මේ බලාන ඉන්නෙ මේකට සජිත් මහත්තය කියන්නෙ මොකක්ද කියලා. මොකද හැමදේකටම මොකක් හරි කියලා අන්තිමට කිචවෙනවා. අර රටවිරුවො ගැන කිව්වා වගේ.

:       502       430

ravi Sunday, 22 March 2020 06:10 AM

මේ උද්ඝෝෂණ කරන සිරකරුවන්ට කුමක් හරි කරලා උදාවෙලා තියන තත්වය පාලනය කලයුතුයි .. කසිම කෙනෙකුට .. කිසිම විදිහකට මේ ජනතාවගේ ආරක්ෂාව සඳහා යොදා තියන හදිසි නීති මාලාව කඩකිරීමට ඉඩ නොතැබිය යුතුයි .. !!!

:       2       22

Asanka Sunday, 22 March 2020 06:45 AM

රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙලා ඉන්න වැඩි හරියක් තමන්ගේ දඩ මුදල් ගෙවාගන්න බැරුව ඕකට ආපු අය, මොවුන්ව තවම නීතියෙන් වරදකරුවෝ නොවේ, උණ්ඩයට පළමුව කොච්චර දේවල් කරන්න තිබ්බද ඔය තත්වය වලක්වා ගන්න ....මිට වඩා මුකුත් නොකියමි

:       518       782

රුවන්Sunday, 22 March 2020 08:44 AM

මොනවද කරන්න තියන්නෙ? ඒ දේවල් නොකල කියල ඔයා කොහොමද කියන්නෙ.?

:       156       233

KoralageSunday, 22 March 2020 09:12 AM

අසංක...ඔයා හරියට හරි.... දැන් බලන්න මේ මැරුණු ජිවිත දෙකට කව්ද වන්දි ගෙවන්නේ.ඒ දරු පවුල් අනාථයි. මේ කලබලේ වෙච්ච ගමන් ආණ්ඩුව ඉක්මන් පියවරක් ගත්ත නම් මේ ජිවිත දෙක බේරෙනවා. හරි ක්‍රමවේදයක් නැතුව ප්‍රමාද වී ගන්න තීරණ නිසා මේ අපරාදේ. කාට කියන්නද?

:       307       545

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28113 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18187 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 661 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 854 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site