(ඉන්දික අරුණ කුමාර)
නාඋල ගොවිජනසේවා බල ප්‍රදේශයේ ගොවීන්ගේ එළවළු මිලදීගැනීම සදහා ඊයේ (11) ආරම්භ කල එළවළු මිලදීගැනිමේ කටයුතු අද (12) දින නියමයක් නොමැතිව නවතා දමා තිබේ.
කල්වේලා ඇතිව දැනුම් නොදිම නිසා බොහෝ ගොවින් උදෑසන කාලයේ දී අළුගොල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට එලවළු රැගෙන විත් එවා යළි දඹුල්ල ප්‍රදේශයට රැගෙන ගිය බව ගොවිජන සේවා මධ්‍යස්ථානය අවට පංදිචි පිරිස් කියා සිටියහ.
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පමණක් අක්කර දහස් ගනනක විවිධ එළවළු වර්ග රැසක් වගා කර තිබේ.
ඒවා අතරින් තක්කාලි, වැටකොළු, මාළුමිරිස්, ගෝවා සහ කරවිල අධික වශයෙන් වගාකර ඇති අතර ඒවා සදහා නිසි මිලදී ගැනීමේ ක්‍රමවේදයක් නොමැති කමින් බොහෝ ගොවීන් සිය අස්වැන්න අතහැර දැමු අවස්ථා පවා පවතින බව ගොවි සංවිධාන රැසක් කියා සිටියහ.



COMMENTS
ඔය ගොවිජන සේවා මධ්‍යස්ථාන බොහොමයක් විවෘත කරලා තිබුනත් නිකන් වහල තිබුනා වගේ. ගොවි ජනතාවට සැලකිය යුතු සේවයක් සිදු නොවේ. කරන්නේ ජනතාව බොරුවට රස්තියාදු කරනෙක. ඔය මධ්‍යස්ථාන වල ඉන්න නිලධාරීන් කන්ධරාව හරියට සේවය කරනවානම් සාරවත් පොළවක් තිබෙන මෝසම් දෙකකින් වැසි ලැබෙන සිව් දිසාවටම ගලා බසින ගංගා , වියලි කලාපයේ ලොකු කුඩා වැව් දහස් ගණනක් තිබෙන මේ රටේ අපට කර්කශ දේශගුණයක් තිබෙන පාකිස්තානයෙන් සහල් , අර්තාපල් , රටලුනු ගෙන්වන්න සිදු වේවිද ? ඔය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා ගොවියෝ ගොවිතැන අතහැර සිකුරිටි , ඉදිකිරීම් කම්කරු , ත්‍රිරෝධ පදවන්න,ලොතරැයි විකුණන්න සහ පිරිසිදු කිරීමේ කම්කරුවන් ලෙස විදේශ ගතවෙලා .