අයිස්ලන්තයේ කොරෝනා වයිරස සම්බන්ද අනතුරු ඇඟවීම් ලිහිල් කර තිබේ.
ඒ අනුව 200 නොඉක්මවූ පිරිසක් සහභාගී වන මහජන රැස්වීම් සඳහා අවසර ලබා දී ඇති අතර රාත්‍රී සමාජශාලා සහ ජිම් නැවත විවෘත කිරීමට ඉඩ ලබාදී ඇත.
බාර් සහ අවන්හල් රාත්‍රී 11 දක්වා විවෘත කර තැබීමට අවසර තිබේ.
අයිස්ලන්තයේ මේ වනවිට වාර්තා වී ඇත්තේ කොරෝනා ආසාදිතයින් 1 804කි. එහි මරණ 10ක් සිදුවී තිබේ.
එරට බලධාරීන් පවසන්නේ අයිස්ලන්තය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.
මැයි මාසයේදි වාර්තා වූයේ ආසාදිතයින් 5දෙනකු පමණක් බවත් ආසාදිතයින්ගෙන් 99%ක් පමණ සුවය ලබා ඇති බවත් වෛද්‍ය අංශ පවසයි.
සූක්ෂම පරීක්ෂණ ක්‍රියාදාමයක්, ආසාදිතයන්ගේ සම්බන්දතා හඹා යෑමේ ක්‍රමයක් සහ සෞඛ්‍යමය උපායමාර්ග අනුගමනය කිරීම හේතුවෙන් වෛරසය පැතිරීම සීමා කළ බව ඔවුහු පවසති.
අයිස්ලන්තයේ රෝහල්වල මේ වනවිට ප්‍රථිකාර ලබමින් සිටින්නේ ආසාදිතයින් තිදෙනෙක් පමණි.
අයිස්ලන්ත ජනතාවගෙන් 16%කට වැඩි පිරිසකට කොරෝනා වයිරස පරීක්ෂණ සිදුකර ඇත.
එහි කුඩා ජනගහනය හා සලකා බලන විට එය වෙනත් අටවලට වඩා විශාල ප්‍රතිශතයකි.
කෙසේවුවද තවදුරටත් සමාජ දුරස්ථ රීතීන් අනුගමනය කිරීමට ජනතාවට උපදෙස් දී තිබේ.
අයිස්ලන්තයේ අගුලු දැමීම් මැයි මස මුල සිට ඉවත් කිරීම ආරම්භ කළ අතර කොණ්ඩා කපන ස්ථාන, කෞතුකාගාර සහ පාසැල් නැවත විවෘත කිරීමට ඉඩ ලබා දුන්නේය.
ඉතිරි සීමාවන් ජුනි 21 දිනෙන් ඉවත් කිරීමට නියමිතය.
කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය මත යැපෙන අයිස්ලන්තයේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
628
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයිස්ලන්තයේ කොරෝනා අවදානම අඩුවෙයි : අනතුරු ඇඟවීම් ලිහිල් කරයි