IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


අයර්ලන්ත අගමැති යළි සෞඛ්‍ය සේවයට එක්වෙයි

අග්‍රාමාත්‍යධුරය හොබවන අතරවාරයේදී කොරෝනා වයිරසයට එරෙහි සටනට සහාය දෙමින් සතියකට වරක් වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරාද්කාර් තීරණය කර ඇත.

ඒ අනුව අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරාද්කාර් ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අලුත් කරගෙන ඇත. ඔහුට රාජකාරි සඳහා පහසු ස්ථානවලට යමින් හෙතෙම වෛද්‍ය රාජකාරීවල නිරත වනු ඇතැයි ඔහුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

‘‘වෛද්‍ය වරාද්කාර් පසුගිය මාසයේදී ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අලුත් කරගත්තා. ඔහු පසුගිය සතියේදී වෛද්‍ය වෘත්තියේ යෙදුණා. ඔහුට යා හැකි සීමාවේ සිට රෝහල්වලට යමින් වෛද්‍ය වෘත්තියේ නියැළෙනවා’’ යැයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයා ‘ද ගාඩියන්’ පුවත්පතට පැවැසීය. ‘‘ඔහුගේ පවුලේ බොහෝ පිරිසක් මෙන්ම ඔහුගේ මිතුරු මිතුරියන්ට සෞඛ්‍ය සේවයට සම්බන්ධයි. ඒ නිසා පුංචි හරි විදියකින් උදව්වක් දෙන්න ඔහුට වුවමනා වුණා’’ යැයි ද ඔහු කීය.

41 වැනි වියේ පසුවන අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරාද්කාර් ඩබ්ලින්හි කනිෂ්ට වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති අතර 2010 වසරේදී වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලැබීය. කෙසේ නමුත් පූර්වකාලීන දේශපාලනඥයකු වීම සඳහා හෙතෙම වෛද්‍ය වෘත්තීය අත්හැරීය.

‘ද ගාඩියන්’

055



අදහස් (7)

අයර්ලන්ත අගමැති යළි සෞඛ්‍ය සේවයට එක්වෙයි

Walter White Monday, 06 April 2020 12:34 PM

ඔන්න නියම මිනිස්සු.... ඒකට අපේ දේශපාලකයන් බයේ හැංගිලා!

:       6       13

RaveendraMonday, 06 April 2020 12:51 PM

හා ...හා ...කට කට.... ඔන්න බලන්න ලැබූ අවස්ථාවෙන් සජි පුතයි, හකීම් නානයි වේද නලාව එල්ලගෙන වැඩේට බහින අපුරුව...

:       0       0

PrabhaMonday, 06 April 2020 02:53 PM

ඒ මනුස්සයා දොස්තර කෙනෙක් නිසා හොදට ගියා.. අපේ අය ඒ ආදර්ශය අරන්ද දන්නෑ රස්සාවල් කරන්න ගියොත්..

:       0       0

SamanMonday, 06 April 2020 03:55 PM

දේශපාලකයෝ මොකටද? ජනාධිපතිතුමා සහ නිලධාරින් අපූරුවට වැඩ කරන්නේ...

:       27       0

chandima Monday, 06 April 2020 01:12 PM

ඔන්න බලන්න මම බොරුද කියන්නේ කියල... අපේ දොස්තරත් දේශපාලනේ අතහැරලා ආපහු වැඩට යනවා සිකුරුයි.

:       0       0

jayath Monday, 06 April 2020 02:04 PM

බයේ හැංගිලා කියල රටක් වටිනා මිනිස්සුන්ට අපහාස කරන්න එපා... වයිට්..., එතුමා කොවිඩ් වලට බෙහෙත් කිව්ව්වේ මෙයාට හුඟක් කලින්....!

:       0       0

Aris Monday, 06 April 2020 02:10 PM

අපේ ඩොක්ටල නම් වැඩිය කැමති දේශපාලනයට වගෙයි. එක් කෙනෙක් රතු තරුවේ, තව කෙනෙක් පොහොට්ටුවේ. ආ ඒ විතරක් නොවෙයි ළගදි තව ලස්සන ඩොක්ට නෝනා කෙනෙක් සුව සේවය අත ඇරලා අවා නේද පත්කළ ලැඉස්තුවෙන් පාර්ලිමේන්තු යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 985 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site