IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘අයිඩීඑච් රෝහලේ උපකරණ හිඟ නෑ’

(සිරංගිකා ලොකුකරවිට)

මෙරට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන කොළඹ අයි.ඩී.එච්.රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් සඳහා අවශ්‍ය  උපකරණවල හිඟතාවක් ඇතැයි ඇතැමුන් මුදල් එකතු කිරීමේ යෙදී සිටින බවත් ඒවාට නොරැවටෙන ලෙසත් එම ආයතනයේ අධ්‍යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

තමාගේ තනතුර, නම සහ ජංගම දුරකථන අංකය පවා සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කණ්ඩායම් කිහිපයක් මෙලෙස මුදල් හා භාණ්ඩ එකතු කරමින් සිටින බවයි. එවැනි පුද්ගලයන් සඳහන් කර ඇත්තේ අයිඩීඑච් රෝහලට උණුවතුර බෝතල්, ඇඳ ඇතිරිලි ඇතුළු උපකරණ විශාල වශයෙන් අවශ්‍ය වන බවයි.

කොරෝනා වයිරසය ශරීරගත වූ සහ ආසාදනය වී ඇතැයි සැකකටයුතු රෝගීන් වෙනුවෙන්ම කාලය ගත කරන අතරතුර මේ ගැන විමසා දුරකථන ඇමැතුම් විශාල ලෙස පැමිණීම කරදරයක් වී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙවැනි කූට ව්‍යාපෘතිවලට නොරැවටෙන ලෙසත් එලෙස මුදල් එකතු කරන පුද්ගලයන් පිළිබඳ පොලිසියට දැනුම් දිමට කටයුතු කරන ලෙසත් වෛද්‍ය අබේවික්‍රම මහතා ඉල්ලා සිටියි.

අයිඩීඑච් රෝහලේ ප්‍රමාණවත් පහසුකම් සහ උපකරණ තිබෙන බවත් පැමිණෙන සියලුම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර හා පහසුකම් සැපයීම තමන් ඇතුළු කාර්ය මණ්ඩලය කරගෙන යන බවත් වෛද්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.

රෝගීන් ප්‍රමාණය වැඩි වුවහොත් පමණක් රජයේ තීරණය මත අවශ්‍ය සැපයීම් සිදුකරගන්නා බව ද හෙතෙම පැවසීය.

මෙවැනි වැරදි තොරතුරු සමාජගත කරමින් වසංගතයකට රට මුහුණ දී සිටියදී මුදල් එකතු කිරීමේ යෙදී සිටින  වංචාකාරී පුද්ගලයන් පිළිබඳ දැනටමත් ආරක්ෂක අංශ දැනුම්වත් කර ඇති බව ද ඔහු කියා සිටියේය.



අදහස් (1)

‘අයිඩීඑච් රෝහලේ උපකරණ හිඟ නෑ’

de silva Thursday, 19 March 2020 08:43 AM

සාමාන්‍යයෙන් කොරෝන රෝගියකු සුවකරගන්න කොපමණ කාලයක් යනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site