IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අමෙරිකාවේ දෙවැනි කොරෝනා රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

අමෙරිකාව තුළ දෙවැනි වරට කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳ අනතුරු ඇඟවීමක් රෝග පිළිබඳ එරට ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු විසින් සිදුකර තිබේ.

රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානවල ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්ඩ් මහතා සිදුකර ඇති මෙම අනතුරු ඇඟවීම අනුව මෙම දෙවැනි පැතිරීම පළමු වරට වෛරසය පැතිරීමට වඩා හානිදායක ප්‍රතිඵල අත්කර දෙනු ඇත.

ඊළඟ ශීත සෘතුවේදී අමෙරිකානු ජාතියට පහරදීමට ඊට හැකියාව පවතින බවත් එය මුල් වතාවට වඩා දුෂ්කර වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

ශ්වසනය මගින් පැතිරෙන රෝගයක් එකවර අවස්ථා දෙකකදී ව්‍යාප්ත වීම අමෙරිකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට අධික පීඩනයක් ඇති කරනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ආර්ථික කටයුතු සඳහා අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් විවෘත කිරීමේ සූදානමත් සමඟ මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති අතර ඉදිරියේදී ඇති විය හැකි දේ සඳහා සූදානම් වීමට එළඹෙන මාස භාවිතා කරන ලෙසත් සමාජ දුරස්ථතා මාර්ගෝපදේශ අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු අවධාරණය කරයි.

මේ අතර ග්‍රීන් කාඩ් බලපත්‍ර දින 60 කට අත්හිටුවීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේය.

අප ප්‍රථමයෙන් අමෙරිකානු සේවකයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකාවේ ආර්ථික තත්ත්වය අනුව මෙම අත්හිටුවීමේ කාල සීමාව තවදුරටත් දිර්ඝ විය හැකි බවයි.

ස්ථිර පදිංචිය සඳහා සාමාන්‍යයෙන් වසරකදී ග්‍රීන් කාඩ් බලපත්‍ර ලක්ෂ 10 ක් පමණ අමෙරිකාව නිකුත් කරයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්විද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව මේ වන විට අමෙරිවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 825,041 ක් වේ.

වෛරසය හේතුවෙන් මේ වන විට එරටේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 45,063 කි.

(බීබීසී ඇසුරෙනි)

-226-



අදහස් (0)

අමෙරිකාවේ දෙවැනි කොරෝනා රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site